කොළඹ වරායේ නැගෙනහිර ජැටිය සංවර්ධනය සඳහා හවුල් කරගැනීමට යෝජනා වී ඇති ඉන්දියානු ව්‍යාපාරික ගෞතම් අදානිට හා ඔහුගේ සමාගමට විරෝධය පළ කරමින් අදත් ඉන්දියාවේ විරෝධතා පැවැත්වුණි.
එම විරෝධතා මේ වන තවත් තීව්‍ර වී තිබේ.
ඉන්දිය ගොවීන්ගේ දැවැන්ත විරෝධතා මාලාවට හේතුව වී ඇත්තේ කෘෂිකර්මාන්තය සම්බන්ධයෙන් පැවති පනත් තුනක් සංශෝධනයට ඉන්දිය ආණ්ඩුව පියවර ගැනීමය.
ගොවි ජනතාව කෙරෙහි රාජ්‍ය වෙත පැවරී තිබූ වගකීම සහ ආරක්ෂාව මෙම නීති සංශෝධනය හරහා ලිහිල් වන බවට ගොවීන් චෝදනා කරයි.
එහි වාසිය ලබා ගනිමින් ඉන්දිය ධන කුවේරයන් වන මුකේෂ් අම්බානි සහ ගෞතම් අදානි කෘෂිකර්මාන්තයට අතපෙවීමට සූදානම් වන බවත් එමගින් ඔවුන් කෘෂිකර්මාන්තය සූරා කෑමට ලක් කරනු ඇති බව ගොවි ජනයා පවසති.
මේ සම්බන්ධයෙන් නවදිල්ලි නුවර කේන්ද්‍ර කරගනිමින් පැවැත්වෙන විරෝධතා තවදුරටත් ක්‍රියාත්මකය.
ඒහි උච්චතම අවස්ථාවට පැමිණෙමින් නව දිල්ලි නුවර සමීපයට ඒකරාශී වී සිටින ගොවී නායකයින් එක් දිනක උපවාසයක්ද පැවැත්වූයේ පනත් සංශෝධන හකුළාගැනීමට රජයට බලකරමිනි.
ඉන්දීය නිදහස් සටනේ පියා ලෙසින් සැලකෙන මහත්මා ගාන්ධිගේ අනුස්මරණ දිනයට සමගාමීව ගොවීන් එම උපවාසය සංවිධානය කර තිබුණි.
ගොවි උපවාසය සඳහා තවදුරටත් ජනතාව ඒකරාශීවීම වැළැක්වීමට නව දිල්ලි අගනුවර යාබද කලාප තුනක අන්තර්ජාල පහසුකම් තාවකාලිකව අත්හිටුවීමට ද ඉන්දිය රජය පියවර ගෙන තිබේ.
කෙසේ වෙතත් ගොවි ජනතාව පවසන්නේ සිය අරගලය දිනන තෙක් සටන අත්නොහරින බවය.




