තානාපති මල්රාජ් ද සිල්වා මහතා කස්ර් අල් වටන් ජනාධිපති මන්දිරයේ දී එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ උප ජනාධිපති හා අග්‍රාමාත්‍ය සහ ඩුබායි හි පාලකයා වන ෂෙයික් මොහොමඩ් බින් රෂීඩ් අල් මක්ටූම් උතුමාණන් වෙත සිය අක්ත පත්‍ර පිළිගැන්වීය.
අක්ත පත්‍ර ඉදිරිපත් කිරීමෙන් අනතුරුව, ෂෙයික් මොහොමඩ් බින් රෂීඩ් අල් මක්ටූම් උතුමාණන් බැහැදුටු තානාපතිවරයා, එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ජනාධිපති ෂෙයික් කලීෆා බින් සයීඩ් අල් නහියාන් උතුමාණන්, එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ අග්‍රාමාත්‍ය සහ ඩුබායි හි පාලකයා වන ෂෙයික් මොහොමඩ් බින් රෂීඩ් අල් මක්ටූම් උතුමාණන්, අනෙකුත් සියලුම පාලකවරුන් සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ජනතාව වෙත ශ්‍රී ලංකාවේ ජනාධිපති අතිගරු ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා, ශ්‍රී ලංකා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමා සහ ශ්‍රී ලංකා ජනතාවගේ සුබ පැතුම් පිරිනැමුවේය.
මෙම සුහද හමුව අතරතුර දී, ශ්‍රී ලංකාව හා එක්සත් අරාබි එමීර් රාජ්‍යය අතර මිත්‍ර සබඳතා අන්‍යෝන්‍ය ප්‍රතිලාභ සහිත ක්ෂේත්‍ර රාශියක් ආවරණය වන පරිදි විශාල වශයෙන් වර්ධනය වී ඇති බවත්, දැනට පවතින ද්විපාර්ශ්වික සබඳතා හොඳම මිතුරු තත්ත්වයට උසස් කිරීමට ශ්‍රී ලංකාව අපේක්ෂා කරන බවත් තානාපතිවරයා සඳහන් කළේය.
අක්ත පත්‍ර උත්සවයෙන් අනතුරුව, ව්‍යාපාරික නායකයින්, බැංකුකරුවන්, ව්‍යවසායකයින්, ශ්‍රී ලාංකික ප්‍රජාව සහ තානාපති කාර්යාල සහ කොන්සල් කාර්යාල කාර්යය මණ්ඩලය සඳහා තානාපති නිල නිවස වන “ශ්‍රී ලංකා මන්දිරයේ” දී පිළිගැනීමේ උත්සවයක් පැවැත්විණි.




