අප්‍රේල් 05 වනදා සිට 09 වනදා දක්වා පාර්ලිමේන්තුව රැස්වේ


ලබන අප්‍රේල් මාසයේ 05 වනදා සිට 09 වනදා දක්වා දින 05ක් පාර්ලිමේන්තුව රැස් කිරීමට කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (25) රැස් වූ පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව තීරණය කරන ලදී.

එම තීරණයට අනුව අප්‍රේල් 05 වැනිදා විශේෂ දිනයක් ලෙස පාර්ලිමේන්තුව රැස්වෙන බවත්, එදින පෙරවරු 10.00 සිට පස්වරු 4.30 දක්වා කාලය සම්පූර්ණයෙන්ම පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ වාචික ප්‍රශ්න සඳහා අවස්ථාව ලබා දීමටත් තීරණය කළ බව පාර්ලිමේන්තුවේ මහලේකම් ධම්මික දසනායක මහතා පැවසීය.

එදින පාර්ලිමේන්තු මන්ත්‍රීවරයන්ගේ වාචික ප්‍රශ්න 50ක් විමසීමට අවස්ථාව සළසා දෙන බව සභානායක සහ අමාත්‍ය ගරු දිනේෂ් ගුණවර්ධන මහතා පාර්ලිමේන්තුවේදී අද (26) පැවසීය.

එමෙන්ම 2019 අප්‍රේල් 21 එල්ල වූ ප්‍රහාරය පිළිබඳව පරීක්ෂණ පැවැත්වූ ජනාධිපති විමර්ශන කොමිෂන් සභාවේ අවසන් වාර්තාව පිළිබඳව සභාව කල්තැබීමේ විවාදය 05 වැනි දිනයටත් අප්‍රේල් 07 වැනිදා පැවැත්වීමටද පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව තීරණය කළ බව මහලේකම්වරයා සඳහන් කළේය.

මෙයට අමතරව දේශපාලන පළිගැනීම් පිළිබඳව පරීක්ෂා කර තොරතුරු ලබාගැනීම සඳහා වන ජනාධිපති කොමිෂන් සභාවේ අවසන් වාර්තාව අප්‍රේල් 08 සහ 09 යන දිනවලදී පාර්ලිමේන්තුවේදී විවාදයට ගැනීමටද එම කාරක සභාව තීරණය කර තිබේ.

දැනට කල් තබා ඇති වාචික ප්‍රශ්න සහ මන්ත්‍රීවරුන්ගේ විමසීමට ඇති අනෙකුත් වාචික ප්‍රශ්න සඳහා පිළිතුරු ලබාදීමට අප්‍රේල්05 වැනිදා දිනය සම්පූර්ණයෙන්ම වෙන් කර ඇති අතර, එදින පෙරවරු 10 සිට පස්වරු 4.30 දක්වා පාර්ලිමේන්තුව රැස් වේ.

එදිනට මැතිවරණ ක්‍රමය සංශෝධනය කිරීම සඳහා වන නිර්දේශ ඉදිරිපත් කිරීමට පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවක් පත්කිරීමට අදාළ යෝජනාවද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට තීරණය කළ බව ධම්මික දසනායක මහතා පැවසීය.

ඉන්පසු දිනය වූ අප්‍රේල් 06 වැනිදා ආනයන හා අපනයන පනත යටතේ වන රෙගුලාසි, ක්‍රමෝපාය සංවර්ධන ව්‍යාපෘති පනත යටතේ වන නියමයන් සහ අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජනරාල්වරයාගේ වැටුප හා දීමනා ප්‍රතිශෝධනයට අදාළ යෝජනාව ඇතුළු කරුණු 08 විවාදයට ගනු ලබනු ඇත. එදින පෙරවරු 10.00 සිට පස්වරු 4.30 දක්වා එම විවාදය පැවැත්වෙන අතර, ඉන්පසු පස්වරු 04.30 සිට 5.30 දක්වා ආණ්ඩු පක්ෂය විසින් ගෙන එනු ලබන සභාව කල්තැබීමේ අවස්ථාවේ යෝජනාව විවාදයට ගනු ලැබේ.

අප්‍රේල් 07 වැනිදා පාස්කු ඉරිදා ප්‍රහාරය පිළිබඳ විමර්ශනය කළ ජනාධිපති කොමිෂන් සභාවේ අවසන් වාර්තාව පිළිබඳව සභාව කල් තැබීමේ විවාදය පෙරවරු 10 සිට පස්වරු 4.30 දක්වා පැවැත්වෙනු ඇත. අප්‍රේල් 08 සහ 09 යන දිනයන්හිදී ද පාර්ලිමේන්තුව පෙරවරු 10.00 සිට පස්වරු 4.30 දක්වා පැවැත්වෙන බව මහලේකම්වරයා සඳහන් කළේය.

Name

‌,459,‌ disasters,46,‌ sport,24,~Hot News,1,2023 budget,3,21A,3,‌22A,1,abuse,4,accident,126,air force,5,Army,65,Art,18,astrology,1,Astronomy,2,breaking,350,budget,18,Business,80,Cabinet Decisions,78,cancer,1,China,1,Court,123,covid-19,146,covid19,2380,Cricket,1,‌crime,16,Crime,216,curfew,7,defence,34,defense,3,Development,198,‌disasters,1,disease,2,Economy,64,Education,281,election,1,Enviorment,64,Environment,9,exams,19,Exclusive,3,Fe,1,Featured,3,Film,5,Finance,66,fuel,2,fuel crisis,7,gammanpila,6,gas,1,gas crisis,1,gazzete,1,Gossip,2,Government,588,‌harthal,2,heal,1,Health,487,Illegal,2,imf,3,International,1,ipl,1,isis,1,‌jvp,1,kids,1,live,5,local,5,Lockdown,24,Media,1,Monkeypox,2,murder,3,narcotic,17,navy,90,new normal,2,news,16,newsinbrief,2,pakistan,1,Parliament,221,pasku,3,pavithra,1,Police,597,Political,339,portcity,1,power outage,1,President,127,Prime Minister,62,private Sector,2,protest,24,ranil,1,Religion,9,rishad,10,sajith,3,Security Forces,4,SJB,20,special notice,1,sport,150,sports,113,state of emergency,1,strike,1,tech,17,Traffic,5,Transport,95,Travel,12,unp,1,war,1,weather,402,world cup 2022,3,xpress pearl,4,විනෝදාත්මක,10,විශේෂාංග,14,වීඩියෝ,3,
ltr
item
BottomLine - Sri Lanka News: අප්‍රේල් 05 වනදා සිට 09 වනදා දක්වා පාර්ලිමේන්තුව රැස්වේ
අප්‍රේල් 05 වනදා සිට 09 වනදා දක්වා පාර්ලිමේන්තුව රැස්වේ
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEh3vt2YkUg1sM1BeHvhEP0quw2mOlkI7DtdDEC_Xrg5SXGUici6bJPvX6ULTm37v5RPJ0FH06J129VmxZpZQKzuFCvG3rEwXXa8Yhp8I_RhfkfL6qcICotWqUEp6-Ckee6VO-bwgfgWBdc/s16000/image.png
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEh3vt2YkUg1sM1BeHvhEP0quw2mOlkI7DtdDEC_Xrg5SXGUici6bJPvX6ULTm37v5RPJ0FH06J129VmxZpZQKzuFCvG3rEwXXa8Yhp8I_RhfkfL6qcICotWqUEp6-Ckee6VO-bwgfgWBdc/s72-c/image.png
BottomLine - Sri Lanka News
https://www.bottomline.asia/2021/03/05-09.html
https://www.bottomline.asia/
https://www.bottomline.asia/
https://www.bottomline.asia/2021/03/05-09.html
true
3834527072723498124
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS PREMIUM CONTENT IS LOCKED STEP 1: Share to a social network STEP 2: Click the link on your social network Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy Table of Content