මීට අදාළ කැබිනට් පත්‍රිකාව ලබන සතියේ ඉදිරිපත් කිරීමට නියමිත ය.
එම වසරේ දී විෂය නිර්දේශ දෙකක් යටතේ විභාගය පැවැත්වීම නිසා උද්ගත වූ ගැටලුවට පිළියමක් වශයෙන් මෙවැනි සිසුන් ප්‍රමාණයක් ඇතුළත් කිරීම සඳහා තීරණය කර ඇත.
ඉහළ ප්‍රතිඵල ලැබූව ද වෛද්‍ය, ඉංජිනේරු හා කළමනාකරණ වැනි උපාධි පාඨමාලාවලට ඇතුළත් වීමට නොහැකි වීමෙන් අසාධාරණයක් සිදු වූ බව සිසුන් මෙන් ම දෙමව්පියෝ ද විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවට චෝදනා කළහ.
එම ගැටලුවට විසඳුමක් වශයෙන් ඉහළ ප්‍රතිඵල ලැබූ සිසුන් පන්සිය හතළිස් දෙනකු අමතරව විශ්වවිද්‍යාලවලට ඇතුළත් කිරීමට ප්‍රතිපාදන කොමිෂන් සභාව පියවර ගත් අතර ඉහත තීරණය ගෙන ඇත්තේ ඉතිරිව සිටින සෙසු සිසුන්ට ද සාධාරණ අවස්ථාවක් ලබා දීම සඳහා ය.
මෙම සිසුන් රාජ්‍ය විශ්වවිද්‍යාලයකට ඇතුළත් වූයේ නම් වැය කළ යුතු මුදල ආරක්ෂක විශ්වවිද්‍යාලයට ලබා දෙන බව ප්‍රතිපාදන කොමිෂන් සභාව පවසයි.




