අතිගරු ජනාධිපතිතුමාගේ “සෞභාග්‍යයේ දැක්ම” වැඩසටහනට සමගාමීව නිල්දියවර නමින් පානීය ජලය ජනතාවට ලබාදීමේ වැඩසටහනක් රජරට ක්‍රියාත්මක වෙමින් පවතී.
මෙම ව්‍යාපෘතිය යටතේ අනුරාධපුර දිස්ත්‍රික්කයේ ගලෙන්බිඳුනුවැව මරදන්කල්ල ප්‍රදේශයේදී ප්‍රති ආශ්‍රිත ජල පවිත්‍රාගාරයක් රාජ්‍ය අමාත්‍ය මහාචර්ය චන්න ජයසුමන මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගිය දින ජනතා අයිතියට පවරා දෙන ලදී. මෙහි ඉදිකිරීම් කටයුතු ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් සිදුකරන ලදී.
රජරට කේන්ද්‍ර කරගෙන පැතිරුණු හේතුව හඳුනානොගත් වකුගඩු රෝගය පිළිබඳ එතුමා දීර්ඝකාලීනව පර්යේෂණ සිදු කළේය. මෙම ප්‍රදේශවල වෙසෙන ගොවි ජනතාව පානය කිරීමට ගන්නා ජලය බීමට සුදුසු මට්ටමක නොවීමත්, එම ජලය පානය කිරීම වකුගඩු රෝගය පැතිර යාමට ප්‍රධාන හේතුව බව සොයා ගන්නා ලදී.
එම නිසා රජරට ජනතාවට බීමට සුදුසු පානීය ජලය ලබාදීම තම යුතුකම බව තේරුම්ගත් මහාචර්ය චන්න ජයසුමන අමාත්‍යවරයා, අනුරාධපුර ජනතා නියෝජිතයකු ලෙස තමා බලයට පත්වීමත් සමගම එම ප්‍රදේශයේ ජනතාව නිරෝගිමත් ජනතාවක් කිරීමේ අරමුණින් “නිල්දියවර” ජල ව්‍යාපෘතිය යටතේ ජල පවිත්‍රාගාර ඉදිකිරීම සඳහා මුල්විය.






