හම්බන්තොට වරාය නෞකා සඳහා ඉන්ධන තොග වශයෙන් සැපයීම අරඹයි


හම්බන්තොට ජාත්‍යන්තර වරාය තම සේවාවන්හී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, ලොව ප්‍රමුඛ පෙළේ ගෝලිය ක්‍රියාකරුවෙකු වන සයිනොපෙක් ඔයිල් සමාගමේ මෙරට නියෝජිත සමාගම වන සයිනොපෙක් ලංකා සමාගම (SFOL) සමඟ හවුල් වී වරාය සතු එම්.වී කුමන (m.v Kumana) ඉන්ධන යාත්‍රාව හරහා ඉන්ධන තොග වශයෙන් සැපයීම පසුගියදා ආරම්භ කරන ලදි.

IMO 2020 හෙවත් අවම සල්ෆර් සංයුතියකින් යුත් ඛනිජ තෙල් (VLSFO), මිළඳි ගත් ප්‍රථම ගැනුම්කරු බවට පත් වෙමින් වෙළෙඳ නෞකා සඳහා ඉන්ධන සැපයීමේ වෙළෙඳපොල ප්‍රමුඛ‍යා වන ලංකා මැරීන් සර්විසස් සමාගම (LMS), හම්බන්තොට වරායේද සහය ඇතිව, තම සේවාදායකයා වූ, ඉන්දියාවේ චෙන්නායි සිට සූවස් දක්වා යාත්‍රා කරමින් තිබූ එම්.වී සූවස් හාන්ස් (m.v. Suez Hans) නැමැති ඉන්ධන ප්‍රවාහන නෞකාව වෙත ඉන්ධන සපයනු ලැබීය .

මෙහෙයුම පිළිබඳ අදහස් දක්වමින්, හම්බන්තොට ජාත්‍යන්තර වරාය සමූහයේ ප්‍රධාන මෙහෙයුම් නිලධාරි, තිස්ස වික්‍රමසිංහ මහතා පැවසූවේ මෙය ශ්‍රී ලංකාවේ වරායන්ට සහ කාර්යබහුල නැගෙනහිර-බටහිර නැව් මාර්ගයේ ගමන් කරන යාත්‍රා සඳහා ඉන්ධන සපයන මෙරට සියලුම බලපත්‍රලාභී ඉන්ධන සැපයුම්කරුවන්ට අගනා අවස්ථාවක් බවයි.

‘එක්සත් අරාබි එමිර් රාජ්‍යය, සිංගප්පූරුව සහ ඩුබායි වැනි රටවලින් නාවික ඉන්ධන තෙල් ආනයනය කිරීම හා වරායෙන් පිටත වරායන් වෙත සැපයීම සඳහා පමණක් සීමා කොට තිබූ නැව් වලට ඉන්ධන සැපයීමේ කර්මාන්තය, මෙම මෙහෙයුම් හරහා ප්‍රථම වතාවට සයිනෝපෙක් ඔයිල් සමාගමට IMO 2020 හෙවත් අවම සල්ෆර් සංයුතියකින් යුත් ඛනිජ තෙල් අපනයනය කිරීමට අවස්ථාව උදා විය නැව් වලට ඉන්ධන සැපයීමේ කර්මාන්තය වෙත නව මානයන් ගෙන එමින්,කලාපීය වෙළෙදපොළ තුල ශ්‍රී ලංකාවේ ව්‍යාපාරය ප්‍රවර්ධනය කිරීම මෙහි අරමුණ බව වික්‍රමසිංහ මහතා වැඩිදුරටත් සඳහන් කළේය.

‘සියලු දේශීය ව්‍යාපාරිකයන් සඳහා සාධාරණ මිලකට අවම සල්ෆර් සංයුතියකින් යුත් ඛනිජ තෙල් සැපයීම හරහා, ව්‍යාපාරිකයන් සිය ගෝලීය සේවාදායකයින් ශ්‍රී ලංකාවට ගෙන එනු ඇත. අප 2020 අප්‍රේල් මාසයේදී අඩු සල්ෆර් සංයුතියකින් යුත් ඛනිජ තෙල් ටොන් 25,000 ක් හම්බන්තොට වරාය වෙත ආනයනය කළ නමුත් කෝවිඩ් වසංගතය හේතුවෙන් වරායට ඉන්ධන මෙහෙයුම් ආරම්භ කිරීමට නොහැකි විය.

නමුත් මෙහෙයුම් දැන් නැවත සක්‍රීය කර ඇති හෙයින්, අන්‍යෝන්‍ය වශයෙන් වාසිදායක හවුල්කාරිත්වයක් සැපයීමට අපි සූදානම් ”යැයි තොග වෙළඳාම, අපනයනය සහ හම්බන්තොට වරාය හරහා ඉන්ධන මෙහෙයුම් සිදු කිරිම සඳහා ආයෝජන මණ්ඩලයේ අනුමැතිය ලබා ඇති සයිනොපෙක් ලංකා සමාගමේ සාමාන්‍යාධිකාරි ටාවෝ ලියු පවසයි.

ලොව විශාලතම ඉන්ධන සැපයුම් සේවා සපයන්නෙකු සමඟ හම්බන්තොට ජාත්‍යන්තර වරාය ඇති කරගත් හවුල්කාරිත්වය තුළින් වරාය තම ගනුදෙනුකරුවන්ට සාධාරණ පිරිවැයකට, උසස් තත්ත්වයේ නිෂ්පාදන සහ ආරක්ෂිත සේවාවන් සපයනවා පමණක් නොව, දකුණු ආසියාවේ ඉන්ධන සැපයුම් මධ්‍යස්ථානයක් ලෙස හම්බන්තොට වරාය ස්ථාපිත කිරීමේ ඉලක්කය කරාද ගෙන යනු ඇත.

Name

‌,459,‌ disasters,46,‌ sport,24,~Hot News,1,2023 budget,3,21A,3,‌22A,1,abuse,4,accident,126,air force,5,Army,65,Art,18,astrology,1,Astronomy,2,breaking,350,budget,18,Business,80,Cabinet Decisions,78,cancer,1,China,1,Court,123,covid-19,146,covid19,2380,Cricket,1,‌crime,16,Crime,216,curfew,7,defence,34,defense,3,Development,198,‌disasters,1,disease,2,Economy,64,Education,281,election,1,Enviorment,64,Environment,9,exams,19,Exclusive,3,Fe,1,Featured,3,Film,5,Finance,66,fuel,2,fuel crisis,7,gammanpila,6,gas,1,gas crisis,1,gazzete,1,Gossip,2,Government,588,‌harthal,2,heal,1,Health,487,Illegal,2,imf,3,International,1,ipl,1,isis,1,‌jvp,1,kids,1,live,5,local,5,Lockdown,24,Media,1,Monkeypox,2,murder,3,narcotic,17,navy,90,new normal,2,news,16,newsinbrief,2,pakistan,1,Parliament,221,pasku,3,pavithra,1,Police,597,Political,339,portcity,1,power outage,1,President,127,Prime Minister,62,private Sector,2,protest,24,ranil,1,Religion,9,rishad,10,sajith,3,Security Forces,4,SJB,20,special notice,1,sport,150,sports,113,state of emergency,1,strike,1,tech,17,Traffic,5,Transport,95,Travel,12,unp,1,war,1,weather,402,world cup 2022,3,xpress pearl,4,විනෝදාත්මක,10,විශේෂාංග,14,වීඩියෝ,3,
ltr
item
BottomLine - Sri Lanka News: හම්බන්තොට වරාය නෞකා සඳහා ඉන්ධන තොග වශයෙන් සැපයීම අරඹයි
හම්බන්තොට වරාය නෞකා සඳහා ඉන්ධන තොග වශයෙන් සැපයීම අරඹයි
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEhEjUiE7cMx7PAyaMelYPzqXBwi-tXX5KLVoAoUYHrgE69ynJjpnVG4wha0WF5iLqVZcSm27U7gXDJ44gh0szbLPNQEL8NH68MiWJg2bR8glAkkfdMPGFgl3c3HExgK_cXn3LzIjBIIqdE/s16000/image.png
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEhEjUiE7cMx7PAyaMelYPzqXBwi-tXX5KLVoAoUYHrgE69ynJjpnVG4wha0WF5iLqVZcSm27U7gXDJ44gh0szbLPNQEL8NH68MiWJg2bR8glAkkfdMPGFgl3c3HExgK_cXn3LzIjBIIqdE/s72-c/image.png
BottomLine - Sri Lanka News
https://www.bottomline.asia/2021/03/blog-post_17.html
https://www.bottomline.asia/
https://www.bottomline.asia/
https://www.bottomline.asia/2021/03/blog-post_17.html
true
3834527072723498124
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS PREMIUM CONTENT IS LOCKED STEP 1: Share to a social network STEP 2: Click the link on your social network Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy Table of Content