වෙළඳපොළේ ටයිල් හිඟයෙන් පාරිභෝගිකයාට වන හානිය පිළිබඳ රජයේ මුදල් කාරක සභාවේ අවධානයට


මෙරට වෙළදපලේ පවතින ටයිල් හිඟය නිසා සෙරමික් භාණ්ඩ සහ නාන කාමර කට්ටල මිල අසාමාන්‍ය ලෙස ඉහළ ගොස් ඇති බව (23) රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේදී අවධානයට 
ලක්විණි .

රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේ සභාපති  පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර ප්‍රියදර්ශන යාපා මහතා විසින් මේ පිළිබඳව සභාවේ අවධානයට යොමු කළ අතර කොවිඩ් -19 කාල සීමාවෙහි ආනයන සීමා පැනවීම නිසා දේශීය ව්‍යාපාරිකයින් අතිරික්ත ලාභයක් උපයා ගත්තේ ද එයින් පාරි‍භෝගිකයාට අසාධාරණයක් සිදුවිණිද යන්න රජයේ මුදල් කාරක සභාව විසින් තවදුරටත් විමර්ශනයට ලක් කළ යුතු බවද පෙන්වා දුන්නේය .
කාරක සභාව හමුවට පැමිණි ආනයන අපනයන පාලන දෙපාර්තමේන්තුවේ උසස් නිලධාරීන්ගෙන් රාජ්‍ය අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා විමසා සිටියේ මේ පිළිබඳව ගැසට් පත්‍රයක් නිකුත්
කිරීමට පෙර අදාළ නිලධාරීන් මෙරට මාසික සහ වාර්ෂික ටයිල් නිෂ්පාදනය පිළිබඳව දත්තමය විශ්ලේෂණයක් හා තක්සේරුකරණයක් සිදු කරන්නේද යන්නයි.

ඊට පිළිතුරු දෙමින් එම නිලධාරීන් සඳහන් කර සිටියේ ආනයන දත්ත විශ්ලේෂණයක් සහ කර්මාන්ත අමාත්‍යංශයේ විශ්ලේෂණාත්මක වාර්තාව සහ නිර්දේශ සැලකිල්ලට ගනිමින් තමුන් මෙම තීරණ ගන්නා බවයි .

මේ සම්බන්ධයෙන් සිය අදහස් පළ කරමින් විපක්ෂ මන්ත්‍රී වෛද්‍ය කාවින්ද ජයවර්ධන මහතා, වර්තමානයේ ආනයන සීමා ඉවත් කර තිබුණද සෙරමික් භාණ්ඩ මිලදී ගැනීම සඳහා මාස තුනකට පමණ පෙර සිට මුදල් ගෙවා බලා සිටීමට පාරිභෝගිකයන්ට සිදු වන බව සභාවට පවසා සිටියේය .

විශේෂයෙන්ම, ආනයන සීමා ඉවත් වීම නිසා පාරිභෝගිකයාට සහනදායිව සෙරමික් භාණ්ඩ මිලට ගතහැකි විය යුතු වුවද රටේ පවතින තත්ත්වය අනුව,නාන කාමරයක් ඉදිකිරීමට පෙර පැවති මිලට වඩා දෙගුණයක් හෝ තෙගුණයක් වැයවන බව පෙන්වා දුන්නේය .

මෙම ආනයන සීමා පැනවීමට සිදුවූයේ කොවිඩ්- 19 අර්බුදය හමුවේ අප රටට මුහුණ පාන්නට සිදු වූ අසාමාන්‍ය අවස්ථාවකදී වුවද නිදහස් වෙළඳපොල ආර්ථික ක්‍රමය හමුවේ නිලධාරීන් විසින් රජයට පෙන්වා දිය යුතුව තිබුණේ, දැනට මෙරට ටයිල් පාරිභෝජනයෙන් 30%ක් සපුරන දේශීය කර්මාන්තය දීර්ඝකාලීනව සංවර්ධනය කරමින් ආනයනය ක්‍රමානුකූලව අඩු කිරීම බව සභාපති   පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර ප්‍රියදර්ශන යාපා මහතා විසින් මෙහිදී පෙන්වා දෙන ලදි. මේ වන විට දේශීය වෙළඳපොළේ සෙරමික් ආනයනකරුවා මිල නියම කරන ප්‍රමාණයටම දේශීය නිෂ්පාදකයා ද මිල ඉහළ දමන බව පෙනී යන බවත්, එය තුලනය කිරීමට ආනයන -අපනයන සීමා පමණක් නොව වාර්ෂික ඉල්ලුම සහ සැපයුම අතර සමානතාවක් තිබිය යුතු බව රාජ්‍ය අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා අවධාරණය කළේය.
නිරීක්ෂණය වන ආකාරයට, ටයිල් සහ සෙරමික් භාණ්ඩවල මිල ඉහළ යාමෙන් දේශීය කර්මාන්තකරුවන් කිසියම් අතිරික්ක ලාභයක් ලබන්නේ නම්, එය ඔවුන්ගේ නිෂ්පාදන ධාරිතාව
වර්ධනය කර ගැනීම සඳහා ආයෝජනය කිරීමට ඔවුන්හට රජය මඟින් උපදෙස් ලබා දිය යුතු බව   පාර්ලිමේන්තු මන්ත්‍රී නලින් ප්‍රනාන්දු මහතා කාරක සභා සභිකයන්ගේ අවධානයට ලක් ක‍ළේය
.කෙසේ වෙතත්,මෙම ගැටලු නිරාකරණය කිරීම සඳහා ටයිල් නිෂ්පාදකයන් සහ ටයිල් ආනයනකරුවන් අතර ජනාධිපති කාර්යාලයේ දී රැස්වීමක් නුදුරේදීම පැවැත්වීමට නියමිත බව ආනයන අපනයන කොමසාරිස් ජනරාල්වරිය ද මෙහිදී අනාවරණය කළාය.
  රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේ දී මේ සම්බන්ධයෙන් අවධානයට ගැනුණේ 1969 අංක 01 දරන ආනයන හා අපනයන (පාලන) පනත යටතේ 2020 දෙසැම්බර් 14 දිනැතිව අංක 2206/5 දරන අතිවිශේෂ ගැසට් පත්‍රයේ නිකුත් කරන ලද රෙගුලාසි පිළිබඳව සලකා බැලූ අවස්ථාවේදී ය . ඒ අනුව, දේශීය අත්යන්ත්‍ර හා බතික් කර්මාන්තය සඳහා ඉහළ මට්ටමේ වෙළඳපළක් සහතික කිරීම සඳහා මෙන්ම අඩු ප්‍රමිතියෙන් යුතු අත්යන්ත්‍ර රෙදිපිළි සහ බතික් රෙදි ආනයනය සීමා කිරීම , ධීවර බෝට්ටු මගී යාත්‍රා සහ බෝට්ටු ආනයනය කිරීම නියාමනය සදහා ආනයන බලපත්‍ර ලබාදීමට මෙම කාරක සභාව විසින් අනුමත කරන ලදි.
මීට අමතරව 2020 දෙසැම්බර් මස 24 දිනැති අංක 2207/15 දරන අති විශේෂ ගැසට් පත්‍රයෙන් දේශීය කිරි කර්මාන්තය නැංවීමට රස කළ උකු කිරි ආනයන තාවකාලිකව තහනම් කරන ලද අයිතමයක් බවට පත් කිරීමට ද රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේ අනුමැතිය ලැබිණි.

එසේම, තාවකාලිකව ආනයනය තහනම් ඉවත් කරන ලද අයිතම ලෙස සෙරමික් ගඩොල් ,ප්ලාස්ටික් පබළු සහ දුම්රිය පෙට්ටි ආදිය ආනයනයට අවසර ලබා දීම සඳහා ද අද රජය මුදල් කාරක සභාවේ අනුමැතිය හිමිවිණි .
ඒ අතර  රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේ අනුමැතිය ලද, මෙතෙක් ණය පදනම මත පමණක් ආනයනයට ඉඩ දී තිබී එම ණය පදනම ඉවත් කළ භාණ්ඩ අතර නිමි ඇඳුම් ,පරිගණක තිර ඇතුළු සන්නිවේදන උපකරණ ,ඉලෙක්ට්‍රොනික් උපාංග සහ ආබාධිත පුද්ගලයින් සඳහා වූ වාහන වල උපාංග ද ඇතුළත්ය.
 (23) පැවති රජයේ මුදල් පිළිබඳ කාරක සභාවට සභාපති අනුර ප්‍රියදර්ශන යාපා මහතා, රාජ්‍ය අමාත්‍යවරුන් වන සුසිල් ප්‍රේමජයන්ත, විදුර වික්‍රමනායක මහත්වරුන් ද  පාර්ලිමේන්තු
මන්ත්‍රීවරුන් වන විජිත හේරත් මහතා, ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා, කුමාර වෙල්ගම මහතා, මුජිබර් රහුමාන් මහතා, වෛද්‍ය කාවින්ද ජයවර්ධන මහතා ,නලින් ප්‍රනාන්දු මහතා ආදී මන්ත්‍රීවරු සහභාගි වූහ

Name

‌,459,‌ disasters,46,‌ sport,24,~Hot News,1,2023 budget,3,21A,3,‌22A,1,abuse,4,accident,126,air force,5,Army,65,Art,18,astrology,1,Astronomy,2,breaking,350,budget,18,Business,80,Cabinet Decisions,78,cancer,1,China,1,Court,123,covid-19,146,covid19,2380,Cricket,1,‌crime,16,Crime,216,curfew,7,defence,34,defense,3,Development,198,‌disasters,1,disease,2,Economy,64,Education,281,election,1,Enviorment,64,Environment,9,exams,19,Exclusive,3,Fe,1,Featured,3,Film,5,Finance,66,fuel,2,fuel crisis,7,gammanpila,6,gas,1,gas crisis,1,gazzete,1,Gossip,2,Government,588,‌harthal,2,heal,1,Health,487,Illegal,2,imf,3,International,1,ipl,1,isis,1,‌jvp,1,kids,1,live,5,local,5,Lockdown,24,Media,1,Monkeypox,2,murder,3,narcotic,17,navy,90,new normal,2,news,16,newsinbrief,2,pakistan,1,Parliament,221,pasku,3,pavithra,1,Police,597,Political,339,portcity,1,power outage,1,President,127,Prime Minister,62,private Sector,2,protest,24,ranil,1,Religion,9,rishad,10,sajith,3,Security Forces,4,SJB,20,special notice,1,sport,150,sports,113,state of emergency,1,strike,1,tech,17,Traffic,5,Transport,95,Travel,12,unp,1,war,1,weather,402,world cup 2022,3,xpress pearl,4,විනෝදාත්මක,10,විශේෂාංග,14,වීඩියෝ,3,
ltr
item
BottomLine - Sri Lanka News: වෙළඳපොළේ ටයිල් හිඟයෙන් පාරිභෝගිකයාට වන හානිය පිළිබඳ රජයේ මුදල් කාරක සභාවේ අවධානයට
වෙළඳපොළේ ටයිල් හිඟයෙන් පාරිභෝගිකයාට වන හානිය පිළිබඳ රජයේ මුදල් කාරක සභාවේ අවධානයට
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEitaNVJKJ666BPUSR7HK3ezYMU34H8L6ABkkfyLJle8PiXJPd6WFEV2difefRNcQHrYglR9hgVEXZ0QHlFDHJQFhyphenhyphenmSHibYdV3iSuFS3r6EW8Rt8_vO4qzThzB_87KV1q23_Euv3hgirkg/s16000/COPE-Online-4.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEitaNVJKJ666BPUSR7HK3ezYMU34H8L6ABkkfyLJle8PiXJPd6WFEV2difefRNcQHrYglR9hgVEXZ0QHlFDHJQFhyphenhyphenmSHibYdV3iSuFS3r6EW8Rt8_vO4qzThzB_87KV1q23_Euv3hgirkg/s72-c/COPE-Online-4.jpg
BottomLine - Sri Lanka News
https://www.bottomline.asia/2021/03/cope.html
https://www.bottomline.asia/
https://www.bottomline.asia/
https://www.bottomline.asia/2021/03/cope.html
true
3834527072723498124
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS PREMIUM CONTENT IS LOCKED STEP 1: Share to a social network STEP 2: Click the link on your social network Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy Table of Content