ඊයේ දිනය තුළ මෙරටින් කොවිඩ් -19 ආසාදිතයින් 331 දෙනෙකු වාර්තා වී තිබෙනවා.ඉන් 83 දෙනෙකු විදේශයන්හි සිටි මෙරටට පැමිණි පුද්ගලයින් වන අතර බන්ධනාගාර පොකුරේ ආශ්‍රිතයින් 23 දෙනෙකු ආසාදිතයින් ලෙස හඳුනාගෙන ඇති බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කළා.
හඳුනාගත් ආසාදිතයින් අතරින් වැඩිම ආසාදිතයින් පිරිසක් මාතර දිස්ත්‍රික්කයෙන් වාර්තා වන අතර, ඒ ආසාදිතයින් 49 ක් ලෙසයි.
ඊට අමතරව, මාතලේ සහ ගම්පහ දිස්ත්‍රික්කවලින් ආසාදිතයින් 34 බැගින් සහ කොළඹ දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 28 ක් ලෙස වාර්තා වේ.
අනෙක් ආසාදිතයින් 103 දෙනා දිවයිනේ සෙසු දිස්ත්‍රික්කවලින් වාර්තා වී ඇති අතර ඒ අනුව මෙරට සමස්ත කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව 88,238 දක්වා ඉහළගොස් තිබෙනවා.
ඉන් 84,969 දෙනෙකු පූර්ණ සුවය ලබා රෝහල්වලින් පිටවගොස් ඇති අතර 2,742 දෙදෙනෙකු තවදුරටත් රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් පසුවේ.




