පරිපූර්ණ මාධ්‍ය වෘත්තිකයන් බිහි කිරීම සඳහා වන මාධ්‍ය අධ්‍යන ආයතනයක්

නවීන ලෝකයට මුහුණ දියහැකි වෘත්තීය නිපුණතාවන්ගෙන් පරිපූර්ණ මාධ්‍ය වෘත්තිකයන් බිහි කිරීම සඳහා වන මාධ්‍ය අධ්‍යන ආයතනයක් ඉදිරි මාස කිහිපය තුළ ස්ථාපිත කිරීමට ජනමාධ්‍ය අමාත්‍යාංශය සැලැසුම් කරතිබෙනවා.

රට හදන සෞභාග්‍යයේ දැක්මෙහි සඳහන් ආකාරයට ඉහළ නිපුණතා සහිත මාධ්‍ය වෘත්තිකයන් බිහි කිරීම සඳහා ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුකූලව රාජ්‍ය අනුග්‍රහය සහිත ජනමාධ්‍ය උසස් අධ්‍යාපන ආයතනයක් පිහිටුවීම යටතේ මෙම අධ්‍යයන ආයතනය ස්ථාපිත කෙරේ.

මේ සඳහා වන විශේෂ සාකච්ඡාවක් (15) ජනමාධ්‍ය අමාත්‍යංශයේ දී ජනමාධ්‍ය අමාත්‍ය කැබිනට් ප්‍රකාශක ආචාර්ය කෙහෙලිය රඹුක්වැල්ල මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.


ශ්‍රී ලංකා පදනම් ආයතනය කේන්ද්‍රකරගෙන මෙහි මූලික වැඩපිළිවෙළ ආරම්භ කෙරෙන අතර ඒ අනුව 2021/2022 වසර සඳහා පාඨමාලා ආරම්භ කිරීම සිදු කෙරේ.

මුද්‍රිත විද්‍යුත් හා සමාජ මාධ්‍ය ඇතුළු සියලු මාධ්‍ය ආවරණය වන සේ මාධ්‍යවේදීන් පුහුණු කිරීමේ ආයතනයක් ලෙස මෙය ස්ථාපිත කිරීමට යෝජනා වී තිබේ.

රාජ්‍ය හා පෞද්ගලික මාධ්‍ය ආයතනයන්හි මාධ්‍යවේදීන්ට සමාන ලෙස තම වෘත්තීය දැනුම වර්ධනය කර ගත හැකි ස්වාධීන ආයතනයක් ලෙස මෙය සකස්විය යුතු බවට ඒ සඳහා වන යෝජනා අතර වේ.

මාධ්‍ය ක්ෂේත්‍රයට අලුතින් ඇතුළු වන ආධුනිකයන්ටද දැනුම සඳහා ප්‍රවේශයක් තිබිය යුතු බවත් ඒ සඳහා න්‍යායාත්මක හා ප්‍රායෝගික පුහුණුව ලබාදෙන ජනමාධ්‍ය උසස් අධ්‍යාපන ආයතනයක් ලෙස මෙය පිහිටුවීමට යෝජනා වී තිබේ. 2023 වන විට මෙය ස්වාධීන ආයතනයක් ලෙස පාර්ලිමේන්තු පනතක් ඔස්සේ ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇත .

මාධ්‍ය උපාධි අධ්‍යන ආයතනයක් මෙන්ම වරලත් ආයතනයක් ලෙස වෘත්තීය මාධ්‍ය ක්ෂේත්‍රයට නව පාඨමාලා හඳුන්වා දෙමින් නවීන ලෝකයට ගැළපෙන ලෙස මෙරට මාධ්‍ය ක්ෂේත්‍රයට පිවිසෙන්නන් සඳහා පූර්ණ පුහුණුව මෙන්ම දැනුම ලබා දීම මෙමගින් අපේක්ෂා කෙරේ.

ලොව සාර්ථක වුණු මෙවැනි ආයතන පිළිබඳව පසු විපරමක් කර එමගින් ඉදිරියට යන වැඩපිළිවෙළක් මේ තුළ සකස් කරගත යුතු බව අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා මෙහිදී පෙන්වා දුන්නේය.

ඒ සඳහා වන ශක්තිමත් අත්තිවාරමක් ලෙස මේ වන විට මෙම මාධ්‍ය අධ්‍යයන ආයතනයට මූලික වැඩපිළිවෙළ සකස් කර ඇතැයිද ඒ සඳහා මාධ්‍ය ක්ෂේත්‍රයේ ප්‍රවීණ මෙන්ම දැනුමැති කණ්ඩායමක් එක්ව තිබීම තුළ එය යථාර්ථවත් වනු ඇතැයිද අමාත්‍ය රඹුක්වැල්ල මහතා පෙන්වා දෙයි.

ජනමාධ්‍ය අමාත්‍යංශයේ ලේකම් ජගත් පී. විජේවීර, කැළණිය විශ්වවිද්‍යාලයේ සම්මානිත මහාචාර්ය සුනන්ද මහේන්ද්‍ර යන මහත්වරුන් ඇතුළු පිරිසක් මේ සඳහා එක්ව සිටියහ.

Name

‌,459,‌ disasters,46,‌ sport,24,~Hot News,1,2023 budget,3,21A,3,‌22A,1,abuse,4,accident,126,air force,5,Army,65,Art,18,astrology,1,Astronomy,2,breaking,350,budget,18,Business,80,Cabinet Decisions,78,cancer,1,China,1,Court,123,covid-19,146,covid19,2380,Cricket,1,‌crime,16,Crime,216,curfew,7,defence,34,defense,3,Development,198,‌disasters,1,disease,2,Economy,64,Education,281,election,1,Enviorment,64,Environment,9,exams,19,Exclusive,3,Fe,1,Featured,3,Film,5,Finance,66,fuel,2,fuel crisis,7,gammanpila,6,gas,1,gas crisis,1,gazzete,1,Gossip,2,Government,588,‌harthal,2,heal,1,Health,487,Illegal,2,imf,3,International,1,ipl,1,isis,1,‌jvp,1,kids,1,live,5,local,5,Lockdown,24,Media,1,Monkeypox,2,murder,3,narcotic,17,navy,90,new normal,2,news,16,newsinbrief,2,pakistan,1,Parliament,221,pasku,3,pavithra,1,Police,597,Political,339,portcity,1,power outage,1,President,127,Prime Minister,62,private Sector,2,protest,24,ranil,1,Religion,9,rishad,10,sajith,3,Security Forces,4,SJB,20,special notice,1,sport,150,sports,113,state of emergency,1,strike,1,tech,17,Traffic,5,Transport,95,Travel,12,unp,1,war,1,weather,402,world cup 2022,3,xpress pearl,4,විනෝදාත්මක,10,විශේෂාංග,14,වීඩියෝ,3,
ltr
item
BottomLine - Sri Lanka News: පරිපූර්ණ මාධ්‍ය වෘත්තිකයන් බිහි කිරීම සඳහා වන මාධ්‍ය අධ්‍යන ආයතනයක්
පරිපූර්ණ මාධ්‍ය වෘත්තිකයන් බිහි කිරීම සඳහා වන මාධ්‍ය අධ්‍යන ආයතනයක්
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEiyZocbXlfDtbMa5Lz5vPyDtwjSp6tLaf1oY41FV6W4qSyAEYAWZmwyLfcy3gGKNagKWUgr_jVvVFhDZdSFuTbxRa7QsTLtbSbd83H4k6iny_AjUOKE5C46wcmiFJgpAg63PPKxLUoDn0w/s16000/Digital-and-print-media-to-be-regulated-Latest-Sri-700x375.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEiyZocbXlfDtbMa5Lz5vPyDtwjSp6tLaf1oY41FV6W4qSyAEYAWZmwyLfcy3gGKNagKWUgr_jVvVFhDZdSFuTbxRa7QsTLtbSbd83H4k6iny_AjUOKE5C46wcmiFJgpAg63PPKxLUoDn0w/s72-c/Digital-and-print-media-to-be-regulated-Latest-Sri-700x375.jpg
BottomLine - Sri Lanka News
https://www.bottomline.asia/2021/03/keheliya%20rambukwella-ministry%20of%20mass%20media%20and%20information.html
https://www.bottomline.asia/
https://www.bottomline.asia/
https://www.bottomline.asia/2021/03/keheliya%20rambukwella-ministry%20of%20mass%20media%20and%20information.html
true
3834527072723498124
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS PREMIUM CONTENT IS LOCKED STEP 1: Share to a social network STEP 2: Click the link on your social network Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy Table of Content