අපවත්වී වදාළ ශ්‍රී ලංකා අමරපුර මහා නිකායේ උත්තරීතර මහ නායක අග්ගමහා පණ්ඩිත මහෝපාධ්‍ය අතිපූජ්‍ය කොටුගොඩ ධම්මාවාස නාහිමියන්ගේ දේහය පිළිබඳ අවසන් කටයුතු පුර්ණ රාජ්‍ය ගෞරව සහිතව එළැඹෙන 25 වනදා නිදහස් චතුරස්‍රයේදි සිදු කිරීමට නියමිතයි.
ඊයේ අලුයම කොළඹ පෞද්ගලික රෝහලකදී අපවත් වූ මහනාහිමියෝ අපවත්වන විට 88 වන වියේ පසුවුණා.
1933 වසරේ ගම්පහ - කොටුගොඩ ගම්මානයේ උපත ලැබූ ධම්මාවාස හිමියන් තුන්කල් දකින ඉසිවර නුවණකින් හෙබි සුවහසක් වූ බෞද්ධයන්ගේ ගෞරව බහුමානයට පත්වූ යතිවරයෙකි.
කොටුගොඩ ධම්මාස හිමියන් මෙරට ශාසනික ප්‍රබෝධය වෙනුවෙන් මෙන්ම අමරපුර මහ නිකායේ අභිවෘද්ධිය වෙනුවෙන්ද සුවිශාල මෙහෙවරක් ඉටුකරනු ලැබුවා.




