හිටපු අගවිනිසුරු මොහාන් පීරිස් මහතා ඇතුළු තිදෙනෙකුට එරෙහිව ගොනුකර ඇති නඩුව ඉල්ලා අස්කර ගන්නා බව අල්ලස් කොමිසම කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණයට දැනුම් දී තිබෙනවා.
මෙම නඩුව අද (16) කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් බුද්ධික ශ්‍රී රාගල මහතා ඉදිරියේ කැඳවනු ලැබූ අවස්ථාවේදී අල්ලස් කොමිසම වෙනුවෙන් පෙනී සිටි එහි සහකාර අධ්‍යක්ෂ ජනරාල් සුභාෂිණී සේනානායක මහත්මිය දැනුම්දී ඇත්තේ නඩුවේ තාක්ෂණික දෝෂයක් හේතුවෙන් එය ඉල්ලා අස්කර ගන්නා බවයි.
මෙම නඩුව පැවරීමට එරෙහිව විත්තිකාර මොහාන් පීරිස් මහතා ඇතුළු පිරිස ඉදිරිපත් කළ රිට් පෙත්සමක් විභාග කළ ශ්‍රේෂ්ඨාධිකරණය විසින් මෙම නඩු විභාගය අත්හිටුවන ලෙස දන්වමින් තහනම් නියෝගයක් නිකුත්කර තිබුණ ද නඩුව විභාගයට ගැනීම සඳහා ඊයේ (15) දිනයේ අවසර ලබාදී ඇති බව අල්ලස් කොමිසමේ නීති නිලධාරිනිය පැවසුවාය.
කෙසේවෙතත් එම නඩුවේ පවතින තාක්ෂණික දෝෂයක් හේතුවෙන් එය ඉල්ලා අස්කර ගැනීමට පියවර ගන්නා බවද ඇය අධිකරණයට දැනුම් දුන්නාය.




