නාවික හමුදාවේ කඩොලාන සංරක්‍ෂණ ව්‍යාපෘතිය යටතේ කඩොලාන පැළ 700 කට අධික ප්‍රමාණයක් උතුරු නාවික විධානය කේන්ද්‍ර කර ගනිමින් රෝපනය කිරීම පසුගිය 14 වනදා උතුරු නාවික විධානයේ ආඥාපති රියර් අද්මිරාල් සෙනරත් විජේසූරියගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරිණි.
කඩොලාන පරිසරය සුරැකීම සඳහා නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්නගේ මහතාගේ උපදෙස් සහ මඟපෙන්වීම යටතේ ක්‍රියාත්මක වන වැඩසටහන් මාලාව යටතේ 14 දින උතුරු නාවික විධානය මගින් ක්‍රියාවට නංවන ලද කඩොලාන පැළ 700 කට අධික ප්‍රමාණයක් රෝපනය කිරීමේ අවස්ථාව සඳහා ශ්‍රී ලංකා නාවික නෞකා එළාර, උත්තර හා අග්බෝ ආයතනයන්හි අණදෙන නිලධාරීන් සහ උතුරු නාවික විධානයේ දෙපාර්තමේන්තු ප්‍රධානීන් ඇතුලු නාවික පුද්ගලයින් පිරිසක් සහභාගී වී සිටියහ.




