තැපැල් මාර්ගයෙන් මත්ද්‍රව්‍ය එවීමේ ජාවාරමක් අනාවරණයකර ගැනීමට පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයට හැකිවී තිබෙනවා.
ඉකුත් වසරේ දෙසැම්බර් 27 වන දින ඩුබායි සිට ගුවන් මගින් යම් පාර්සලයක් මෙරටට එවා තිබූ අතර එම පාර්සලයේ සඳහන් වූ නම ව්‍යාජ එකක් බවට එහිදී අනාවරණය වී තිබු අතර ඒ අනුව අදාළ පාර්සලය ලබා ගැනීමට කිසිදු පුද්ගලයෙකු පැමිණ නොමැති අතර එය සැකසහිත පාර්සලයක් බවට හඳුනාගෙන තිබුණි.
එම පාර්සලය තුළ ගංජා මිශ්‍ර කුෂ් නමැති මත්ද්‍රව්‍ය ග්‍රෑම් 27ක්, කුෂ් ඔයිල් ග්‍රෑම් 38ක් තිබී සොයාගැණුනු බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවසීය.
ඊට අමතරව පසුගිය ජනවාරි 4 වනදා ප්‍රංශයේ සිට ඩුබායි හරහා තවත් පුද්ගලයෙකුට පාර්සලයක් ලැබී තිබූ අතර ඒ තුළ මත් පෙති 4962ක් තිබී සොයාගෙන ඇත.
එම පාර්සලය ද ව්‍යාජ නමකට එවා ඇති බවට අනාවරණය වී තිබුණි.
මේ සම්බන්ධයෙන් ශ්‍රී ලංකා රේගුව සහ අදාළ පාර්සල් එවා තිබූ සමාගම් සමග සම්බන්ධවෙමින් වැඩිදුර විමර්ශන ක්‍රියාත්මක බවද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසීය.




