''සඳහිරු සෑයේ '' හතරැස් කොටුවේ නිධන් වස්තු තැන්පත් කිරීමට මාර්තු 21 සිට මාර්තු 27 දක්වා කිරීමට බැතිමතුන්ට අවස්ථාව


සඳහිරු සෑය ස්තූපයේ හතරැස් කොටුවේ නිධන් වස්තු තැන්පත් කිරීමේ උත්සවය එළඹෙන 28 දින අනුරාධපුරයේදී පැවැත්වීමට සියලු කටයුතු සූදානම් බවත් එම ස්තූපයේ නිධන් වස්තු තැන්පත් කිරීම සඳහා මේ මස 21 සිට 27 දක්වා සැදැහැවතුන්ට අවස්ථාව සළසා ඇතැයි ආරක්ෂක ලේකම් ජෙනරල් කමල් ගුණරත්න මහතා ඊයේ (16) ආරක්ෂක අමාත්‍යංශයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් පැවසීය.

යුද්ධයේදී මිය ගිය සහ ආබාධිත තත්වය පත් වූ රණවිරුවන් වෙනුවෙන් මෙම චෛත්‍ය ඉදි කළ බවත් එම රණවිරු පවුල් වල සාමාජිකයන්ට , රණවිරුවන් සිහි කර මේ සඳහා දායක විය හැකි බවද ඔවුන්ගෙන් විශේෂ ඉල්ලීමක්ද ලේකම්වරයා පැවසීය.එළඹෙන නොවැම්බර් මාසය වන විට ස්තූපයේ වැඩ නිම කර ජනතාවට වැඳපුදා ගැනීමට අවස්ථාව සළසා දෙන බවද ආරක්ෂක ලේකම්වරයා වැඩිදුරටත් සඳහන් කළේය.

වසර 1980 සිට අපේ රටේ ත්‍රස්තවාදී යුද්ධයක් පැවති අතර වත්මන් ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ හා වත්මන් අගමැති මහින්ද රාජපක්ෂ මහතාගේ ඍජු නායකත්වය හා මෙහෙයවීම මත 2009 මැයි 19 වැනිදා එම යුද්ධය විජයග්‍රහණය කිරීමට ආරක්ෂක හමුදාවලට හැකි විය.

2009 වසරේ යුද ජය සැමරීමත්, එම යුද්ධයේදි ජාති, ආගම් භේදවලින් තොරව දිවි පිදූ සියලු‍ දෙනා හට පින් අනුමෝදන් කිරීමත් අරමුණු කරගෙන, 2009 දී ජනපති ලෙස සිටි මහින්ද රාජපක්ෂ මහතාගේ මග පෙන්වීම අනුව වත්මන් ජනපති එවකට ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාගේ පූර්ණ මෙහෙයවීම් හා අධීක්ෂණය ඇතිව අනුරාධපුරයේ මහ මෙවුනා උයනේ ‘සඳහිරු සෑය’ මහා චෛත්‍යය ඉදිවීම අරැඹිණි.

මෙහිදී අදහස් දැක් වූ ආරක්ෂක ලේකම්වරයා පැවසුවේ වසර 30ක් පුරා පැවති යුද්ධය අවසන් කර ජනතාවට බලධාරින්ගේ නොසැලකිල්ල නිසා සිදු වූ පාස්කු ප්‍රහාරය මිස කිසිදු ත්‍රස්තවාදී ක්‍රියාවකට මේ දක්වා ඉඩ නෙලැබුණු බවයි. මෙම යුද්ධයෙන් රණවිරුවන් 29,000ක් පමණ රණවිරුවන් පිරිසක් ජීවිත පූජා කළ බවත් , 60,000ක් පමණ පිරිසක් තුවාල ලැබූ බවත් 14,000ක් පමණ පිරිසක් ආබාධිත තත්වයට පත් වී සහ 5000ක් පමණ කකුල් අහිමි වී සිටී.

රුවන්වැලි මහා සෑයට පසුව ඉදිවන විශාලම දා ගැබ මෙය වන අතර මුළු ත්‍රිපිටකයම රන්පත් වල සටහන් කර දා ගැබේ නිදන් කර තිබෙන අතර තවත් සර්වඥ ධාතු සහ නිදන් වස්තු රාශියක් නිදන් කර තිබේ. ආරක්ෂක ලේකම් (විශ්‍රාමික) මේජර් ජනරාල් කමල් ගුණරත්නගේ උපදෙස් මත හා යුද හමුදාපති ශවේන්ද්‍ර සිල්වාගේ මෙහෙයවීම මත යුද හමුදා නව වෙනි ඉංජිනේරු සේවා රෙජිමේන්තු සිවිල් ඉංජිනේරුවරුන් ඇතුළු රණවිරුවන් හා ආරක්ෂක අංශ සාමාජිකයන් මෙම සෑය සඳහා ශ්‍රම දායකත්වය ලබා දෙයි.

මෙහිදී අදහස් දැක් වූ ආරක්ෂක ලේකම්වරයා පැවසුවේ මාර්තු 21 සිට නිදන් වස්තු භාර ගැනීම ආරම්භ කරන අතර ඒ සඳහා වෙනම මණ්ඩලයක් පත් කර ඇති බවත් නිදන් වස්තු භාරගැනීම ඉතා විනිවිදභාවයෙන් යුතුව සිදු කරන බවයි.


 


මෙම සියළුම කටයුතු සෞඛ්‍ය නීති රීතින්ට අනුකූලව සිදුවෙන බවද කීය. චෛත්‍ය ය සඳහා චූඩා මාණික්‍ය ධානපති ආතර් සේනානායක මහතා විසින් පරිත‍්‍යාග කර ඇති අතර චූඩා මාණික්‍ය මහජනතාවට වන්දනා කිරීම සඳහා ද අවස්ථාව ලබා දෙන බවද ආරක්ෂක ලේකම්වරයා කීය.

Name

‌,459,‌ disasters,46,‌ sport,24,~Hot News,1,2023 budget,3,21A,3,‌22A,1,abuse,4,accident,126,air force,5,Army,65,Art,18,astrology,1,Astronomy,2,breaking,350,budget,18,Business,80,Cabinet Decisions,78,cancer,1,China,1,Court,123,covid-19,146,covid19,2380,Cricket,1,‌crime,16,Crime,216,curfew,7,defence,34,defense,3,Development,198,‌disasters,1,disease,2,Economy,64,Education,281,election,1,Enviorment,64,Environment,9,exams,19,Exclusive,3,Fe,1,Featured,3,Film,5,Finance,66,fuel,2,fuel crisis,7,gammanpila,6,gas,1,gas crisis,1,gazzete,1,Gossip,2,Government,588,‌harthal,2,heal,1,Health,487,Illegal,2,imf,3,International,1,ipl,1,isis,1,‌jvp,1,kids,1,live,5,local,5,Lockdown,24,Media,1,Monkeypox,2,murder,3,narcotic,17,navy,90,new normal,2,news,16,newsinbrief,2,pakistan,1,Parliament,221,pasku,3,pavithra,1,Police,597,Political,339,portcity,1,power outage,1,President,127,Prime Minister,62,private Sector,2,protest,24,ranil,1,Religion,9,rishad,10,sajith,3,Security Forces,4,SJB,20,special notice,1,sport,150,sports,113,state of emergency,1,strike,1,tech,17,Traffic,5,Transport,95,Travel,12,unp,1,war,1,weather,402,world cup 2022,3,xpress pearl,4,විනෝදාත්මක,10,විශේෂාංග,14,වීඩියෝ,3,
ltr
item
BottomLine - Sri Lanka News: ''සඳහිරු සෑයේ '' හතරැස් කොටුවේ නිධන් වස්තු තැන්පත් කිරීමට මාර්තු 21 සිට මාර්තු 27 දක්වා කිරීමට බැතිමතුන්ට අවස්ථාව
''සඳහිරු සෑයේ '' හතරැස් කොටුවේ නිධන් වස්තු තැන්පත් කිරීමට මාර්තු 21 සිට මාර්තු 27 දක්වා කිරීමට බැතිමතුන්ට අවස්ථාව
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEhl5z3LlLlaiMvJwJihf_vks7Xpa0VzuXHoN-2J8xKua2pHXAmokNlyuj7OU73sPpz3zXRu38qRwfW0fFIfdQ5Cp2E3h_uQ7vfhYMMIE_TbViSd8LIP-miDcq8DOAfgv2-hiVbfG1_sI0Q/s16000/1.png
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEhl5z3LlLlaiMvJwJihf_vks7Xpa0VzuXHoN-2J8xKua2pHXAmokNlyuj7OU73sPpz3zXRu38qRwfW0fFIfdQ5Cp2E3h_uQ7vfhYMMIE_TbViSd8LIP-miDcq8DOAfgv2-hiVbfG1_sI0Q/s72-c/1.png
BottomLine - Sri Lanka News
https://www.bottomline.asia/2021/03/sadahiru%20seya.html
https://www.bottomline.asia/
https://www.bottomline.asia/
https://www.bottomline.asia/2021/03/sadahiru%20seya.html
true
3834527072723498124
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS PREMIUM CONTENT IS LOCKED STEP 1: Share to a social network STEP 2: Click the link on your social network Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy Table of Content