ලොව කාර්ය බහුලතම නෞකා ගමන් මාර්ගයක් වන සුවස් ඇල හරහා ටොන් ලක්ෂ 02ක් පමණ බරකින් යුත් භාණ්ඩ අඩංගු නෞකාවක් සිරවීම නිසා මේ වන විට එම ඇල හරහා නෞකා ගමනයට බාධා එල්ලවී තිබෙනවා.
“MV Ever Given” නම් මෙම නෞකාව දිගින් අඩි 1,312ක් වන අතර පළල අඩි 175ක් වන බහාලුම් ප්‍රවාහන නෞකාවක් වනවා.
මෙම නෞකාව සිරවිමත් සමග ඊට පසු පසින් තවත් නෞකා 100ක් පමණ පෙළ ගැසී තිබෙන බවයි විදෙස් මාධ්‍ය වාර්තා කර සිටියේ.
මේ වන විට සහන කණ්ඩායම් විසින් සුවස් ඇලේ එක් ඉවුරක් විශාල කරමින් සිරවී තිබෙන “MV Ever Given” නෞකාව ක්‍රමයෙන් යාත්‍රා කිරිමට හැකිවන ලෙස අවශ්‍ය කටයුතු සකස් කරලීමට දැඩි උත්සහයක නිරතව සිටින බවයි වාර්තා වනවා.
මේ වන විට සිරවී තිබෙන නෞකා අතර ඉන්ධන බැරල් මිලියන 13ක් රැගත් නෞකා 10ක් ද වනවා. මෙම තත්ත්වය සමග ලෝක ඉන්ධන වෙළෙදපළේ ඉන්ධන මිල සීයයට 2 කින් ඉහළ ගොස් ඇති අතර ඉන්ධන හිඟයක් ඇතිවේය යන්න සම්බන්ධයෙන් බියක්ද ඇතිව තිබෙනවා.




