අද දිනයේ මෙරටට ලැබීමට නියමිත චීනයේ නිෂ්පාදිත “සයිනෝෆාම්” නැමැති කොරෝනා එන්නත සදහා මේ වනවිට ඇතැම් පාර්ශව විරෝධය දක්වා තිබෙනවා. මේ වන තෙක් ලෝක සෞඛ්‍ය සංවිධානයේ අනුමැතිය “සයිනෝෆාම්” එන්නතට හිමිව නැති අතර එසේ තිබියදී ජාතික ඖෂධ නියාමන අධිකාරිය විසින් එම එන්නත ශ්‍රි ලංකාවට ගෙන්වීම සදහා අනුමැතිය ලබා දී තිබෙනවා. සායනික පරීක්ෂණ පවා අවසන්කර නොමැති මෙම එන්නත ලංකාවට ගෙන ඒමට විරුද්ධව විශේෂඥ වෛද්‍යවරු විසින් සිය විරෝධය පළකර ඇති අතර පසුගියදා ජාතික ඖෂධ නියාමන අධිකාරියේ ප්‍රධාන විධායක නිළධාරියාද සිය තනතුරෙන් ඉල්ලා අස්වි තිබෙනවා.
එමෙන්ම සායනික පරික්ෂාව නිමකර නැති හා ලෝක සෞඛ්‍ය සංවිධානයේ අනුමැතිය හිමිව නැති මෙම එන්නත ලංකාවට ගෙන ඒම පිලිබදව හා එම එන්නත් මෙරට ජනතාවට ලබාදීම පිළිබදව පාරිභෝගික අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යාපාරය ද නිවේදනයක් නිකුත්නරමින් මේ සදහා විරෝධය සෞඛ්‍ය අමාත්‍යාංශය වෙත ප්‍රකාශ කර තිබෙන අතර එම එන්නත මෙරට ජනතාවට ලබා නොදීම සදහා වන සියලුම ක්‍රියාමාර්ග ගන්නා බවද එම සංගමය නිකුත් කල නිවේදනයේ වැඩිදුරටත් සදහන්.




