රියර් අද්මිරාල් රුවන් පෙරේරා නාවික හමුදා මාණ්ඩලික ප්‍රධානී ලෙස පත් කෙරේ


සන්නද්ධ හමුදා සේනාධිනායක ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මැතිතුමා විසින් රියර් අද්මිරාල් රුවන් පෙරේරා 2021 මාර්තු 21 දින සිට නාවික හමුදා මාණ්ඩලික ප්‍රධානී ධූරයට පත් කෙරුණු අතර, නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්න මහතා විසින් එම පත්වීමේ ලිපිය රියර් අද්මිරාල් රුවන් පෙරේරා මහතා වෙත නිල වශයෙන් භාරදෙන ලදී.

රියර් අද්මිරාල් රුවන් පෙරේරා ගම්පහ, බණ්ඩාරනායක මහා විද්‍යාලයේ දීප්තිමත් ආදි ශිෂ්‍යයෙකි. ඔහු 1986 පෙබරවාරි 28 වන දින 14 වන ශිෂ්‍යභට බඳවා ගැනීමට අයත් ශිෂ්‍යභට නිලධාරියෙකු වශයෙන් ශ්‍රී ලංකා නාවික හමුදාවේ විධායක අංශයට එක් විය. ඔහු සිය උප ලුතිනන් තාක්‍ෂණික පාඨමාලාව 1989 වසරේ ඉන්දියාවේදී සාර්ථකව හදාරා ඇති අතර, දීර්ඝ අවි පාඨමාලාව 1993 වර්ෂයේ ඉන්දියාවේදී හදාරා ඇත.

සිය සේවා කාලය තුළ ශ්‍රී ලංකා නාවික හමුදාවේ නෞකා සහ ගොඩබිම ආයතනයන්හි විවිධ ප්‍රධාන නිළතල රාශියක් දරා ඇති ඔහු, වේග ප්‍රහාරක මුර යාත්‍රාවන්හි අණභාර නිලධාරී ලෙස සහ වේග මගී නෞකා, ගොඩබෑමේ නෞකා, වේග ප්‍රහාරක නෞකා, ගැඹුරු මුහුදු නිරීක්‍ෂණ නෞකාවන්හි අණදෙන නිලධාරී ලෙසත්, ගොඩබිම් ආයතනයන් දෙකක අණදෙන නිලධාරී ලෙසත් කටයුතු කර ඇත. එමෙන්ම, නාවික හමුදා මූලස්ථානයේ විවිධ මාණ්ඩලික සහ ජ්‍යේෂ්ඨ මාණ්ඩලික තනතුරු ද හොබවා ඇති ඔහු ජ්‍යේෂ්ඨ මාණ්ඩලික නිලධාරී අවි, මාණ්ඩලික නිලධාරී අවි, නියෝජ්‍ය අධ්‍යක්‍ෂ නාවික අවි, අධ්‍යක්‍ෂ නාවික අවි සහ නාවික පරීක්‍ෂණ ඒකකය, අධ්‍යක්‍ෂ නාවික පුහුණු, අධ්‍යක්‍ෂක රජයේ වාණිජ පුපුරණ ද්‍රව්‍ය ගිනි අවි ප්‍රසම්පාදන ඒකකය (CEFAP) යන තනතුරු මෙන්ම නාවික සුව සහන අරමුදලේ ප්‍රථම කළමණාකරු ලෙසද කටයුතු කර ඇත.

තවද ඔහු ත්‍රිකුණාමලය නාවික හා සාගරික විද්‍යාපීඨයේ පුහුණු කපිතාන් සහ ආඥාපති ලෙස කටයුතු කරන ලද අතර, නැගෙනහිර නාවික විධානයේ නියෝජ්‍ය ආඥාපති ලෙසත් දකුණු, වයඹ සහ නැගෙනහිර නාවික විධානයන්හි ආඥාපති ලෙසත් කටයුතු කරන ලදී. එමෙන්ම, රියර් අද්මිරාල් රුවන් පෙරේරා 2021මාර්තු 21 වන දින නාවික හමුදා මාණ්ඩලික ප්‍රධානී ලෙස පත්වීමට පෙර නාවික හමුදා නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානී වශයෙන් කටයුතු කරන ලදී.

රියර් අද්මිරාල් රුවන් පෙරේරා ඉන්දියාවේ වෙලින්ටන්හි පිහිටි ආරක්ෂක සේවා මාණ්ඩලික විද්‍යාලයේ කීර්තිමත් ආදි ශිෂ්‍යයෙක් වන අතර, ඉන්දියාවේ මදුරාසි විශ්වවිද්‍යාලයෙන් ශාස්ත්‍රපති උපාධිය ද, 2003 වර්ෂයේ සාගරික නීතිය පිළිබඳ පාඨමාලාවක්ද, 2007 වර්ෂයේ ජාත්‍යන්තර සබඳතා පිළිබඳ පාඨමාලාවක්ද, 2015 වර්ෂයේ ඇමරිකා එක්සත් ජනපදයේදී උසස් ආරක්‍ෂක පාඨමාලාව ද හදාරා ඇත. තවද ඔහු ඇමරිකා එක්සත් ජනපදය, චීනය, ප්‍රංශය, බ්‍රිතාන්‍ය සහ සිංගප්පූරුවේදී විශේෂ කෙටි කාලීන පාඨමාලාවන් ද හදාරා ඇති අතර, 2015 සහ 2016 යන වර්ෂයන් හීදී ආරක්‍ෂක අධ්‍යනය පිළිබඳ සිය දෙවන ශ්‍රාස්ත්‍රපති උපාධිය සහ ජාතික ආරක්‍ෂක පාඨමාලාව චීනයේ බීජින් හි පිහිටි ජාතික ආරක්‍ෂක විශ්වවිද්‍යාලයේදී සම්පූර්ණ කර ඇත.

1988 වර්ෂයේ සිට ත්‍රස්තවාදය මැඩලීමට සක්‍රීයව දායකත්වය ලබා දෙමින් ඉටු කළ මෙහෙවර වෙනුවෙන් ඔහු රණ ශූර පදක්කම ඇතුලු සේවා පදක්කම් ගනණාවකින් සහ ආදර්ශවත් විශිෂ්ට චරිතය සඳහා උත්තම සේවා පදක්කමින් පිදුම් ලබා ඇති අතර, ‍‍සක්‍රිය සේවයේ යෙදී සිටියදී සිදු වූ තුවාල හේතුවෙන් දේශපුත්‍ර පදක්කමෙන් ද පිදුම් ලබා ඇත. තවද, ඔහු වෙත ඔහුගේ සේවය අගයමින් නාවික හමුදාධිපති වෙතින් අවස්ථා 04ක දී ප්‍රශංසාත්මක ලිපි ප්‍රදානය කර ඇත.

Name

‌,459,‌ disasters,46,‌ sport,24,~Hot News,1,2023 budget,3,21A,3,‌22A,1,abuse,4,accident,126,air force,5,Army,65,Art,18,astrology,1,Astronomy,2,breaking,350,budget,18,Business,80,Cabinet Decisions,78,cancer,1,China,1,Court,123,covid-19,146,covid19,2380,Cricket,1,‌crime,16,Crime,216,curfew,7,defence,34,defense,3,Development,198,‌disasters,1,disease,2,Economy,64,Education,281,election,1,Enviorment,64,Environment,9,exams,19,Exclusive,3,Fe,1,Featured,3,Film,5,Finance,66,fuel,2,fuel crisis,7,gammanpila,6,gas,1,gas crisis,1,gazzete,1,Gossip,2,Government,588,‌harthal,2,heal,1,Health,487,Illegal,2,imf,3,International,1,ipl,1,isis,1,‌jvp,1,kids,1,live,5,local,5,Lockdown,24,Media,1,Monkeypox,2,murder,3,narcotic,17,navy,90,new normal,2,news,16,newsinbrief,2,pakistan,1,Parliament,221,pasku,3,pavithra,1,Police,597,Political,339,portcity,1,power outage,1,President,127,Prime Minister,62,private Sector,2,protest,24,ranil,1,Religion,9,rishad,10,sajith,3,Security Forces,4,SJB,20,special notice,1,sport,150,sports,113,state of emergency,1,strike,1,tech,17,Traffic,5,Transport,95,Travel,12,unp,1,war,1,weather,402,world cup 2022,3,xpress pearl,4,විනෝදාත්මක,10,විශේෂාංග,14,වීඩියෝ,3,
ltr
item
BottomLine - Sri Lanka News: රියර් අද්මිරාල් රුවන් පෙරේරා නාවික හමුදා මාණ්ඩලික ප්‍රධානී ලෙස පත් කෙරේ
රියර් අද්මිරාල් රුවන් පෙරේරා නාවික හමුදා මාණ්ඩලික ප්‍රධානී ලෙස පත් කෙරේ
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEjIbGxInU4aYkdBJ_Spo69cUhhSjiok6wQyBczaKId5NMHl_-1PQwDsDN_75Sg3x_xsVwJ2xT7-xiGCMQLk-iU6hwGp5xPpxBKyS1UC8EHORfSel6KvvcjuefGCCgr5mzZNFumNGcq6s10/s16000/2+%25285%2529.png
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEjIbGxInU4aYkdBJ_Spo69cUhhSjiok6wQyBczaKId5NMHl_-1PQwDsDN_75Sg3x_xsVwJ2xT7-xiGCMQLk-iU6hwGp5xPpxBKyS1UC8EHORfSel6KvvcjuefGCCgr5mzZNFumNGcq6s10/s72-c/2+%25285%2529.png
BottomLine - Sri Lanka News
https://www.bottomline.asia/2021/03/srilanka-navy_22.html
https://www.bottomline.asia/
https://www.bottomline.asia/
https://www.bottomline.asia/2021/03/srilanka-navy_22.html
true
3834527072723498124
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS PREMIUM CONTENT IS LOCKED STEP 1: Share to a social network STEP 2: Click the link on your social network Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy Table of Content