Header Ads

උණුසුම් පුවත්

භාවිතයට නුසුදුසු යතුරුපැදි 450ක් අත්අඩංගුවට


යතුරුපැදිවලින් සිදුවන අනතුරු අවම කර ගැනීම සඳහා සිදුකළ විශේෂ මෙහෙයුමෙන් මාර්ගයේ භාවිතයට නුසුදුසු යතුරුපැදි 450ක් අත්අඩංගුවට ගෙන තිබේ.

පොලිස් මාධ්‍ය කොට්ඨාසය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර සිටියේ, යතුරුපැදි වැරදි සම්බන්ධයෙන් නඩු 13,320ක් ගොනුකර ඇති බවයි.