අප්‍රේල් මාසයේදී පරික්ෂාවට ලක්කළ නියදි 55න් 35ක්ම ශ්‍රී ලාංකිකයන්ගේ වන අතර ඔවුන් සපුගස්කන්ද, බත්තරමුල්ල, මන්නාරම, යාපනය, කොළඹ හා කෑගල්ල ප්‍රදේශයන්හි පදිංචිකරුවන් බවද හෙතෙම පැවසීය
බ්‍රිතාන්‍යයේ පැතිර යන කොරෝනා වයිරස් ප්‍රභේදය වන බී 117 සහිත පුද්ගලයින් හත්දෙනකු හමු වී ඇති අතර ඉන් හය දෙනෙකුම විදේශිකයන් වන අතර ඔවුන් නිරෝධායන මධ්‍යස්ථානයන්ගෙන් වාර්තා වී ඇත.
මෙම ප්‍රභේදය සහිත එක් ශ්‍රී ලාංකිකයෙක් හඳුනා ගෙන ඇති අතර ඔහුද හමුවී ඇත්තේ නිරෝධායන මධ්‍යස්ථානයකින් වන බැවින් වයිරස්ය සමාජ ගතවීමට ඉඩක් නොමැති යැයි අධ්‍යක්ෂවරයා සඳහන් කළේය.
ඩෙන්මාර්කයේ පැතිර යන බී1 428 ප්‍රභේදය කොළඹ පදිංචිකරුවන් තිදෙනෙකුගෙන් හදුනාගෙන ඇත.
ඕනෑම වයිරසයක් කාලයත් සමග විවිධ විකෘතිතාවන්ට ලක්විය හැකි බැවින් සෞඛ්‍ය අංශ ප්‍රකාශයට පත් කර තිබෙන සෞඛ්‍ය මාර්ගෝපදේශයන් නිවැරදි අනුගමනය කරන්නේ නම් මෙම වයිරසය ආසාදනය වීමෙන් වැලකී සිටීම පහසු වන බව වෛද්‍ය ජීවන්දර මහතා සඳහන් කරයි.