පාස්කු ප්‍රහාරය පිළිබඳ ජනාධිපති කොමිසමේ වාර්තාව හා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති ජාතික ආරක්ෂාව පිළිබද අංශික අධීක්ෂණ කාරක සභා වාර්තාව අධ්‍යයනය කර ඒ පිළිබද ගත යුතු ක්‍රියාමාර්ග නිර්දේශ කිරීමේ අමාත්‍ය මණ්ඩල අනුකමිටුව විසින්, ක්‍රියාත්මක කළ හැකි මට්ටමේ නිර්දේශ 78ක් හඳුනාගෙන තිබෙනවා.
ඊයේ පස්වරුවේ ජනාධිපතිවරයා වෙත එම කැබිනට් අනු කමිටුවේ අවසන් වාර්තාව භාරදුන් අතර, අදාළ නිර්දේශ 78 ක්‍රියාත්මක කරන්නේ කෙසේද හා ක්‍රියාත්මක කරන්නේ කුමන ආයතන ද යන්න වාර්තාවට ඇතුළත් කර තිබෙනවා.
ඒ අනුව අධ්‍යාපනය සම්බන්ධ කරුණු අධ්‍යාපන අමාත්‍යාංශය වෙතත්, ආගමික සිද්ධස්ථාන සම්බන්ධ කරුණු ආගමික කටයුතු අමාත්‍යාංශය වෙතත් පැවරිය යුතු බවට කමිටුව යොජනා කර තිබෙනවා.
එසේම, අල්ලස් හෝ දූෂණ චෝදනා සම්බන්ධ කරුණු අදාළ කොමිසම වෙත යොමු කළ යුතු බවට ද කැබිනට් අනු කමිටුව හඳුනාගෙන තිබෙනවා.
මීට අදාළ නීතිමය කාරණ පිළිබද නිර්දේශ ජනාධිපතිවරයා විසින් මීට පෙර නීතිපතිවරයා වෙත යොමු කරනු ලැබුවා.
මේ අතර, පාස්කු ප්‍රහාරය පිළිබඳව විමර්ශනය කළ ජනාධිපති කොමිසමේ වාර්තාව ගැන සභාව කල් තැබීමේ විවාදය 04 වන දිනටත් හෙට පාර්ලිමේන්තුවේදී පැවැත්වීමට නියමිතයි.