මැලේසියාවේ ක්වාලාලම්පූර් අගනුවරදී දුම්රිය දෙකක් එකිනෙක ගැටීමෙන් පුද්ගලයින් 200 කට වැඩි පිරිසක් තුවාල ලබා ඇති බව ඒ රට රජයේ බර්නාමා පුවත් ඒජන්සිය වාර්තා කරයි.
දේශීය වේලාවෙන් රාත්‍රී 8.45 පමණ මෙම අනතුර සිදුවී ඇති අතර පුහුණු ධාවන පථයක තනි රියදුරකු විසින් ධාවනය කරන ලද දුම්රියක් මෙලෙස මගීන් රැගත් දුම්රියක ගැටී තිබේ.
මෙම දුම්රිය දෙකම කම්පුන්ග්බාරැ සහ කේඑල්සීසී දුම්රිය ස්ථාන අතර උමගක ගැටි ඇති අතර පැයට කිලෝමීටර් 40 ක වේගකින් ගමන් කර ඇති බව විදෙස් මාධ්‍ය සඳහන් කරයි.
මෙමගින් පුද්ගලයන් 166 දෙනෙකු සුළු තුවාල ලබා ඇති අතර ක්වාලාලම්පූර් රෝහල ඇතුළු ප්‍රතිකාර සඳහා අවට රෝහල් වෙත යවා ඇති අතරම මගීන් හතළිස් හතක් බරපතල තුවාල ලබා ඇති බව ද විදෙස් මාධ්‍ය වාර්තා තවදුරටත් සඳහන් කරයි.




