නාවික හමුදා සේවා වනිතා ඒකකයේ ගරු සභාපතිනී චන්දිමා උළුගේතැන්න මැතිණියගේ මඟ පෙන්වීම යටතේ නාවික හමුදා සේවා වනිතා ඒකකය මඟින් සංවිධානය කරන ලද ලේ දන්දීමේ වැඩසටහනක් නාවික හමුදා පුද්ගලයින්ගේ සහභාගීත්වයෙන් ඊයේ (24) සියලුම නාවික විධාන ආවරණය වන පරිදි පැවැත්වුණු අතර, නාවික හමුදා මූලස්ථානයේ පැවැත්වූ ලේ දන්දීමේ අවස්ථාව නිරීක්ෂණය සඳහා නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්නමහතා ද සහභාගී විය.
පවත්නා කොවිඩ් 19 වසංගත තත්ත්වය හමුවේ පරිත්‍යාගශීලීන් හට ලේ පරිත්‍යාග කිරීමේ දුෂ්කරතා මතුවන හෙයින් රටපුරා රෝහල්හි ඇති ලේ බැංකු සහ ජාතික ලේ බැංකුවෙහි පවත්නා රුධිර සංචිත පහළ වැටීම හේතුවෙන්, ජාතික ලේ බැංකුව සහ අපේක්ෂා රෝහල ඇතුලු අනෙකුත් රෝහල් වෙතින් නාවික හමුදාවෙන් සිදුකළ ඉල්ලීමකට අනුව මෙම ලේ දන්දීමේ වැඩසටහන ක්‍රියාත්මක කෙරිණි. ඒ අනුව, නාවික හමුදා සේවා වනිතා ඒකකය මඟින් වෙසක් පොහොය දිනයද නිමිති කොටගෙන, මෙම ලේ දන්දීමේ පුන්‍යකර්මය සියළුම නාවික විධානයන් ආවරණය වන පරිදි සංවිධානය කෙරිණ.
ඒ අනුව ඊයේ (24) දිනය පුරා මෙම ලේ දන්දීමේ වැඩසටහන සඳහා බටහිර නාවික විධානයේ නාවික පුද්ගලයින් 576ක්, උතුරු මැද නාවික විධානයේ නාවික පුද්ගලයින් 328ක්, වයඹ නාවික විධානයේ නාවික පුද්ගලයින් 105ක්, උතුරු නාවික විධානයේ නාවික පුද්ගලයින් 341ක්, ගිනිකොන නාවික විධානයේ නාවික පුද්ගලයින් 81ක් සහ දකුණු නාවික විධානයේ නාවික පුද්ගලයින් 180ක් වශයෙන් සමස්ථ නාවික පුද්ගලයින් 1611 ක් දායකත්වය ලබා දෙන ලදී.
කොවිඩ් 19 අවදානම් තත්ත්වය යටතේ ලබා දී ඇති සෞඛ්‍ය මාර්ගෝපදේශයන්ට අනුකූලව මෙම වැඩසටහන පැවැත්වීමට කටයුතු කළ අතර, මෙම වැඩසටහනට සමඟාමීව නැගෙනහිර නාවික විධානයෙහි පැවැත්වෙන ලේ දන්දීමේ වැඩසටහන 2021 මැයි 30 වන දින පැවැත්වීමට කටයුතු සූදානම් කර ඇත.






