කොළඹ ජාතික රෝහලේ හදිසි අනතුරු අංශයේ විකිරණවේදීන් 13 දෙනකුට කොවිඩ් 19 වයිරසය අසාදනය වීම නිසා හදිසි අනතුරු අංශයේ එම්.ආර්.අයි සහ සීටී ස්කෑන් අංශ වසා දමා තිබෙනවා.
මේ වනවිට දිවයින පුරා රජයේ රෝහල්වල සේවය කරන විකිරණවේදීන් 18 දෙනෙක් කොවිඩ් 19 වයිරසයට ගොදුරුවී ඇති බවත් එයින් 13 දෙනෙක්ම ජාතික රෝහලේ විකිරණවේදින් වන බව ද විකිරණ විද්‍යා තාක්ෂණවේදීන්ගේ සංගමයේ ප්‍රධාන ලේකම් ධර්මකිර්ති ඈපා මහතා පැවැසීය.
මේ වනවිට ජාතික රෝහලේ විකිරණ ශිල්පී අධිකාරිවරයා ද මෙම රෝගයට ගොදුරුව සිටින බව කී ඈපා මහතා විකිරණ විද්‍යා තාක්ෂණවේදීන් අවශ්‍ය ප්‍රමාණයෙන් මේ වනවිට රෝහල්වල සිටින්නේ සියයට පනහක ප්‍රමාණයක් බවත් පවතින තත්ත්වය තම සේවාව දැඩි අර්බුුදයකට යොමු කරමින් පවතින බවත් ප්‍රකාශ කළේය.