කොවිඩ් වසංගතය සීග්‍රයෙන් රටපුරා පැතිර යන මෙම අවස්ථාවේ කොවිඩ් වසංගතය පාලනය කිරීම සදහා රජයට සහයෝගය ලබාදෙන්නැයි කොරෝනා පාලන රාජ්‍ය අමාත්‍යවරිය දානපතියන්ගෙන් ඊයේ දිනයේදී ඉල්ලා සිටියා. එමෙන්ම සෞඛ්‍ය අමාත්‍යාංශයට, තම ප්‍රදේශයේ රෝහලට තමන්ට හැකි ආකාරයෙන් පුංචි හෝ උපකාරයක් කරන්නැයි සියලු ශ්‍රී ලාංකිකයින්ගෙන් ඇය වැඩිදුරටත් ඉල්ලා සිටියා.
මෙවැනි ව්‍යසනකාරි අවස්තාවක කොවිඩ් මර්දනය සදහා වන අරමුදලට පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ මාසික වැටුප හෝ මුදල් ලබා දෙන ලෙස පාරිභෝගික අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යාපාරයේ සභාපති රංජිත් විතානගේ මහතා සියලු පාර්ලිමේන්තු මන්ත්‍රීවරැන්ගෙන් ඉල්ලා සිටියා.
නිවේදනයක් නිකුත්කරමින් ඒ මහතා වැඩිදුරටත් සදහන් කළේ කොවිඩ් වසංගතය මර්දනය කිරීම සදහා රජය ගෙන යනු ලබන මෙම වැඩපිළිවෙළ සාර්ථක කර ගැනීම සදහා ජනතාව අනිවාර්යෙන්ම සිය දායකත්වය ලබාදීම කළ යුතුව ඇත.
ඒ අනුව මෙරට සමස්ත ජනතාවගෙන් අප සංවිධානය ඉල්ලා සිටින්නේ ඒ සදහා සිය මූල්‍යමය දායකත්වය තමන්ට හැකි අයුරින් ලබාදෙන ලෙසයි.
තවද මෙරට පාර්ලිමේන්තුව නියෝජනය කරනු ලබන ගරු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුගෙන්ද අප ඉල්ලා සිටින්නේ සෞඛ්‍ය අමාත්‍යාංශයට සිය මුල්‍යමය දායකත්වය ලබාදෙන ලෙසයි.
බොහෝ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ඉහළ ආදායමක් ලබන පුද්ගලයින් වන අතර සමහර මන්ත්‍රීවරුන්ගේ බිරින්දෑවරුන්ට හා ඥාතීන්ට මත්පැන් බලපත්‍ර ඇත.
පවතින කොවිඩ් වසංගත තත්වය නිසා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ ගමන් වියදම් හා වෙනත් වියදම්ද අඩුවී ඇත. එම නිසා රජය මුහුණදී ඇති මෙම අර්බුදකාරී අවස්ථාවේදී මානව හිතවාදීන්වන සියලුම පාර්මේන්තු මන්ත්‍රීවරුන්ගෙන් අප සංවිධානය ඉතා කාරුණිකව නැවත නැවතත් ඉල්ලා සිටින්නේ රජය ගෙන යනු ලබන මෙම වැඩපිළිවෙළ සාර්ථක කර ගැනීම මූල්‍යමය දායකත්වය ලබාදෙන ලෙසයි. අවම වශයෙන් මසක හෝ දෙකක වැටුප මේ සදහා පරිත්‍යාග කරන ලෙසයි.