දේශීය වෛද්‍ය ක්ෂේත්‍රයේ උන්නතිය වෙනුවෙන් විශේෂිත දේශීය වෛද්‍ය ජාතික සභාවක් පිහිටුවනවා


ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ සෞභාග්‍යයේ දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශය යථාර්තයක් කරලීම උදෙසා දේශීය වෛද්‍ය ක්ෂේත්‍රයේ උන්නතිය වෙනුවෙන් විශේෂිත වූ දේශීය වෛද්‍ය ජාතික සභාවක් පිහිටුවීමට කටයුතු කරන බව දේශීය වෙදකම් ප්‍රවර්ධන, ග්‍රාමීය හා ආයුර්වේද රෝහල් සංවර්ධන හා ප්‍රජා සෞඛ්‍ය රාජ්‍ය අමාත්‍ය නීතිඥ සිසිර ජයකොඩි මහතා (17) දින එම අමාත්‍යාංශයේදී ශ්‍රී ලංකා දේශීය වෛද්‍ය සම්මේලනයේ සභාපති පූජ්‍ය බෙංගමුවේ නාලක හිමිපාණන්ගේ ඉල්ලීම මත පැවති පාරම්පරික වෛද්‍යවරුන්ගේ ප්‍රශ්න, ගැටලු සාකච්ඡා කිරීමේ වැඩසටහනකට එක් වෙමින් ප්‍රකාශ කර සිටියේය.

එම දේශීය වෛද්‍ය ජාතික සභාව පිහිටුවීම සඳහා නීතිඥ කනිෂ්ක විතාරණ මහතාගේ සභාපතිත්වයෙන් 09 දෙනෙකුගෙන් සමන්විත විද්වත් කමිටුවක් පිහිටුවා ඇති අතර එම කමිටුව මගින් දේශීය වෛද්‍ය සභාවක් පිහිටුවීම පිළිබඳ ජනතා අදහස්, යෝජනා ඒකරාශී කර ගනිමින් අදාළ කරුණු විමසා බැලීම සිදු කර එම නිර්දේශය මත ඉදිරිපත් කරනු ලබන නෛතික ලියවිල්ල පාර්ලිමේන්තුව වෙත ඉදිරිපත් කර අනුමැතිය ලබා ගැනීමෙන් අනතුරුව දේශීය වෛද්‍ය ජාතික සභාවක් නිර්මාණය කිරීමට නියමිතය.

එම කමිටුවේ සෙසු සාමාජිකයින් ලෙස නීතිඥ සංජීවනී කබ්රාල් ගුණතිලක, මහාචාර්ය ඒ.ආර්. ආරියවංශ, නීතිඥ, වෛද්‍ය මාධවී යසන්තා පෙරේරා, නීතිඥ, වෛද්‍ය පරාක්‍රම විජයනාග අමරතුංග, වෛද්‍ය ආසිරි පැතුම්, වෛද්‍ය සිරිල් ලේල්වල, වෛද්‍ය සරච්චන්ද්‍ර විජයසිංහ, වෛද්‍ය එම්.ඩබ්. වෙරළුපිටිය යන මහත්ම මහත්මීන් පත් කර ලැබ තිබේ.

මෙහිදී වැඩිදුරටත් අදහස් ප්‍රකාශ කළ රාජ්‍ය අමාත්‍ය සිසිර ජයකොඩි මහතා,

දේශීය වෛද්‍ය අමාත්‍යාංශය පිහිටුවීමේදී අප වෙත පැවරු වගකීම් රාශියක් තිබෙනවා. එහි ප්‍රධානම වගකීම තමා දේශීය වෛද්‍ය ජාතික සභාවක් ගොඩනැගීම. විශේෂයෙන්ම අපේ රටේ දැනට දේශීය වෛද්‍යවරුන් ලියාපදිංචි වෙන්නේ, නැතහොත් පාරම්පරික වෛද්‍යවරුන් ලියාපදිංචි වෙන්නේ ආයුර්වේද වෛද්‍ය සභාව තුළයි.

ඒ නිසාම අපේ රටේ දේශීය වෛද්‍යවරුන් ලියාපදිංචි කිරීමේ ක්‍රමවේදයක් අවශ්‍යයි කියන ඉල්ලීම පසුගිය කාලය පුරාම ඇති වුණා. විශේෂයෙන්ම පාරම්පරික වෛද්‍යවරුන් ලියාපදිංචිය සඳහා අවශ්‍ය ඉඩකඩ සැලසීම, ඔවුන් හඳුනා ගැනීම, ඒ සඳහා අවස්ථාව සැලසීම පිළිබඳව විවිධ ගැටළු රාශියක් පසුගිය කාල සීමාව තුළ සාකච්ඡාවට ලක් වුණා.

ඒ නිසා සෞභාග්‍යයේ දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශය යටතේ දේශීය වෛද්‍ය ජාතික සභාවක් නිර්මාණය කරන ලෙස අප වෙත උපදෙස් ලැබී තිබෙනවා. ඒ අනුව මේ වන විට නීතිඥ කනිෂ්ක විතාරණ මහතාගේ සභාපතිත්වයෙන් යුත් කමිටුවක් පත් කරනු ලැබුවා. එම කමිටුව මගින් දේශීය වෛද්‍ය ජාතික සභාවක් පිහිටුවීම හා දේශීය වෙද මහතුන් දේශීය වෛද්‍යවරුන් ලෙස ලියාපදිංචි කිරීමේ ක්‍රමවේදයක් සැකසීම පිළිබඳ අදහස් යෝජනා ලබා ගැනීම සිදු කරනවා. අප ආරාධනා කරනවා මේ රටේ දේශීය වෙදකමට සම්බන්ධ ඒ වගේම ඒ පිළිබඳ උනන්දුවක් දක්වන සියළු දෙනාට ඒකරාශී වී මේ නව යෝජනා මාලාව නව සභාව නිර්මාණය පිළිබඳ මහජන අදහස් හා යෝජනා ඉදිරිපත් කිරීමට දායක වන ලෙස.

ඒ වගේම දේශීය වෛද්‍ය සභාව ගොඩනැගීම පිළිබඳ අදහස් යෝජනා මත ඒ සඳහා නීතිමය ප්‍රතිපාදන සැකසීමේ කටයුත්ත, ඒ වගේම දීර්ඝ කාලයක් පාරම්පරික වෛද්‍යවරුන්ගේ ලියාපදිංචි කිරීමේ ගැටළු පවතී නම් ඒ සඳහා විසඳුම් ලබා දීම, ඒ සඳහා පහසු ක්‍රමවේදයන් සකස් කිරීම පිළිබඳ අභිලාෂයන් වෙනුවෙන් මෙම කමිටුව පිහිටුවා තිබෙනවා.

ඒ වගේම අපේ රටේ පාරම්පරික වෛද්‍ය ප්‍රතිකාර ක්‍රම ආරක්ෂා කරලීමට අදාල යෝජනාද මේ හරහා ලබා ගැනීමට කටයුතු කරනවා. අප ජනතාවටත් ආයුර්වේද වෛද්‍ය ක්ෂේත්‍රයේ විද්වතුන්ටත් පාරම්පරික වෛද්‍යවරුන්ටත් මේ කමිටුව වෙත අදහස් හා යෝජනා ලබා දීමට එක් වන ලෙස ආරාධනා කරනවා.

ඒ වගේම ජූනි මස 30 වන දින දක්වා ඒ සඳහා ලිඛිතව අදහස් හා යෝජනා ලබා දීම මෙන්ම, වාචිකව කරුණු ඉදිරිපත් කිරීමේ අවස්ථාව සලසා දී තිබෙන බවත්, එම අදහස් හා යෝජනා නෛතික ලියවිල්ලක් බවට පත් කිරීමෙන් අනතුරුව පාර්ලිමේන්තුව වෙත ඉදිරිපත් කර අනුමැතිය ගෙන දේශීය වෛද්‍ය ජාතික සභාවක් පිහිටුවීමට කටයුතු කරන බව වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියේය.

මෙම වැඩසටහන සඳහා දේශීය වෙදකම් ප්‍රවර්ධන, ග්‍රාමීය හා ආයුර්වේද රෝහල් සංවර්ධන හා ප්‍රජා සෞඛ්‍ය රාජ්‍ය අමාත්‍යාංශ ලේකම් කුමාරි වීරසේකර මෙනවියද සහභාගී වී සිටියහ.

Name

‌,459,‌ disasters,46,‌ sport,24,~Hot News,1,2023 budget,3,21A,3,‌22A,1,abuse,4,accident,126,air force,5,Army,65,Art,18,astrology,1,Astronomy,2,breaking,350,budget,18,Business,80,Cabinet Decisions,78,cancer,1,China,1,Court,123,covid-19,146,covid19,2380,Cricket,1,‌crime,16,Crime,216,curfew,7,defence,34,defense,3,Development,198,‌disasters,1,disease,2,Economy,64,Education,281,election,1,Enviorment,64,Environment,9,exams,19,Exclusive,3,Fe,1,Featured,3,Film,5,Finance,66,fuel,2,fuel crisis,7,gammanpila,6,gas,1,gas crisis,1,gazzete,1,Gossip,2,Government,588,‌harthal,2,heal,1,Health,487,Illegal,2,imf,3,International,1,ipl,1,isis,1,‌jvp,1,kids,1,live,5,local,5,Lockdown,24,Media,1,Monkeypox,2,murder,3,narcotic,17,navy,90,new normal,2,news,16,newsinbrief,2,pakistan,1,Parliament,221,pasku,3,pavithra,1,Police,597,Political,339,portcity,1,power outage,1,President,127,Prime Minister,62,private Sector,2,protest,24,ranil,1,Religion,9,rishad,10,sajith,3,Security Forces,4,SJB,20,special notice,1,sport,150,sports,113,state of emergency,1,strike,1,tech,17,Traffic,5,Transport,95,Travel,12,unp,1,war,1,weather,402,world cup 2022,3,xpress pearl,4,විනෝදාත්මක,10,විශේෂාංග,14,වීඩියෝ,3,
ltr
item
BottomLine - Sri Lanka News: දේශීය වෛද්‍ය ක්ෂේත්‍රයේ උන්නතිය වෙනුවෙන් විශේෂිත දේශීය වෛද්‍ය ජාතික සභාවක් පිහිටුවනවා
දේශීය වෛද්‍ය ක්ෂේත්‍රයේ උන්නතිය වෙනුවෙන් විශේෂිත දේශීය වෛද්‍ය ජාතික සභාවක් පිහිටුවනවා
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEjkqzEl8x427WzDFfI1phm9wueh9d7422sNHjyGoDlENXQRq0ST85CM7rd0RHNl8OJDXdZsBNDHDLsgbK-gLcJdKAWTTyXLvCKeEHdxnBMlPJzUwOa7zE_5aVbibWKkvE-_bGfdYARarGg/s16000/d3cff31b47375e4194d8ac329b59c96e_XL.png
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEjkqzEl8x427WzDFfI1phm9wueh9d7422sNHjyGoDlENXQRq0ST85CM7rd0RHNl8OJDXdZsBNDHDLsgbK-gLcJdKAWTTyXLvCKeEHdxnBMlPJzUwOa7zE_5aVbibWKkvE-_bGfdYARarGg/s72-c/d3cff31b47375e4194d8ac329b59c96e_XL.png
BottomLine - Sri Lanka News
https://www.bottomline.asia/2021/05/helth-srilanka.html
https://www.bottomline.asia/
https://www.bottomline.asia/
https://www.bottomline.asia/2021/05/helth-srilanka.html
true
3834527072723498124
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS PREMIUM CONTENT IS LOCKED STEP 1: Share to a social network STEP 2: Click the link on your social network Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy Table of Content