ඊශ්‍රායලය සහ ගාසා තීරයේ උද්ගතව ඇති ගැටුම්කාරී තත්ත්වය හේතුවෙන් එරට සිටින ශ්‍රී ලාංකිකයන් අවධනයෙන් සිටිනලෙසට ටෙල් අවිව් නුවර පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය විශේෂ නිවේදනයක් නිකුත් කරමින් දැනුම්දෙනවා.
තානාපති කාර්‍යාලය කියා සිටින්නේ පවතින වාතාවරණය තුළ වැඩි වශයෙන් සෙනග ගැවසෙන සහ ඒකරාශී වන ස්ථානවල ගැවසීමෙන් වලකින ලෙසයි.
එසේම අනවශ්‍ය ගමන් බිමන් යෑමෙන් වැළකී සිටින්නැයිද එරට සිටින ලාංකිකයින් ගෙන් තානාපති කර්යලය ඉල්ලා සිටිනවා.
යම හෙයකින් හදිසි අවශ්‍යතාවයක් ඇති වුවහොත් සිය ගමන් බලපත්‍ර තමා සන්තකයේම තබා ගැනීමට කටයුතු කරන ලෙසද දැනුම් දෙයි
ශ්‍රි ලාංකිකයින් 5000 කට ආසන්න පිරිසක් ඊශ්‍රාලයේ සේවය කරන බවද එම තානාපති කාර්යාලය පවසන්වා.