ස්ත්‍රී-පුරුෂ සමානාත්මතාව මූලික කරගත් නූතන ව්‍යාපාර ආකෘතියේ පෙරගමන්කරුවෝ | JAT අධ්‍යක්ෂ මණ්ඩලය

පසුපෙළ (සිටගෙන - වමේ සිට): දේවක කුරේ මහතා, ප්‍රියන්ති පීරිස් මහත්මිය, රිචඩ් ගුණවර්ධන මහතා, අනිකා විලියම්සන් මහත්මිය, හුසේන් අක්බරලි මහතා සහ ජොයිස් ගුණවර්ධන මහත්මිය
ඉදිරිපෙළ (අසුන්ගෙන - වමේ සිට): සිවා සෙල්ලයියා මහතා (සභාපති) සහ ඊලියන් ගුණවර්ධන මහතා (කළමනාකාර අධ්‍යක්ෂ)


ශ්‍රී ලංකාවේ දැව ආලේපන ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා වන JAT Holdings සමාගම, ව්‍යාපාර ලෝකය තුළ ස්ත්‍රී-පුරුෂ සමානාත්මතාවේ වැදගත්කම සම්බන්ධයෙන් පැහැදිලි පූර්වාදර්ශයක් සපයමින්, තම අධ්‍යක්ෂ මණ්ඩලයට කාන්තාවන් 3 දෙනෙකු පත්කිරීමට කටයුතු කර තිබේ. මේ හේතුවෙන් වඩාත් පුළුල් දැක්මකින් යුතුව, වඩාත් නිවැරදි හා සමබර තීරණ ගැනීමට  JAT Holdings සමාගමට හැකියාව ලැබෙනු ඇති අතර, ඒ ඔස්සේ ව්‍යාපාර ලොව තුළ තවත් පරිවර්තනයන් රැසකට මුලපිරීමට එම සමාගමට හැකියාව ලැබෙනු ඇත.

මෙම අරමුණ පෙරදැරිව, කාන්තා දායකත්වය මගින් ලැබෙන නිසැක ප්‍රතිලාභ සම්බන්ධයෙන් JAT සභාපති වෛද්‍ය සිවා සෙල්ලයියා මහතා සහ කළමනාකාර අධ්‍යක්ෂ ඊලියන් ගුණවර්ධන මහතා ඒකමතිකව එකඟත්වයකට පැමිණියහ. එම එකඟත්වය අනුව අධ්‍යක්ෂ මණ්ඩලයට කාන්තාවන් පත්කිරීමෙන් නොනැවතී, ඔවුන්ට තම විශේෂඥ දැනුම හා අත්දැකීම් සම්භාරය ඔස්සේ තීරණ ගැනීමට හා කටයුතු කිරීමට අවශ්‍ය බලය හා නිදහස ලබා දෙන ලද අතර, එය තවත් කාන්තාවන්ට රැසකට ව්‍යාපාර ලෝකයේ ඉදිරියට පැමිණීම සඳහා නව මාවත් රැසක් විවර කරනු ඇත.  

විවිධත්වයේ මෙන්ම ස්ත්‍රී-පුරුෂ සමානාත්මතාවේ වැදගත්කම පෙන්වා දෙමින්, සිය දැනුම සහ අත්දැකීම් සම්භාරය සමගින් ප්‍රියන්ති පීරිස්, ජොයිස් ගුණවර්ධන සහ අනිකා විලියම්සන් යන මහත්මීන් ශ්‍රී ලංකාවේ ව්‍යාපාර ලෝකයේ අනාගතය තුළ කාන්තාවන්ට හිමිවන නායකත්ව භූමිකාවන් සම්බන්ධයෙන් මනා පූර්වාදර්ශයක් සපයනු නිසැක ය.

ශ්‍රේෂ්ඨාධිකරණ නීතීඥවරියක වන ප්‍රියන්ති පීරිස් මහත්මිය ආයතනික/සුරැකුම්පත් නීතිය සම්බන්ධයෙන් වසර 40 කට අධික අත්දැකීම් ලබා ඇත. මේ වනවිට LOLC Finance PLC, Associated Electrical Corporation Ltd සහ MTN Corporate Consultants (Pvt) Ltd. යන සමාගම් වල අධ්‍යක්ෂ මණ්ඩලය වල සේවය කරන ප්‍රියන්ති පීරිස් මහත්මිය 2004 වසරේ සිට 2011 වසර දක්වා මුදල් අමාත්‍යාංශයේ නීති උපදේශිකාවක ලෙසද කටයුතු කර තිබේ.

ජොයිස් ගුණවර්ධන මහත්මිය මේ වනවිට Brush Master (Pvt) Ltd. හි විධායක අධ්‍යක්ෂවරියක ලෙස සේවය කරයි. දැන්වීම් හා ප්‍රවර්ධන ක්ෂේත්‍රයේ වසර 15 කට වැඩි අත්දැකීම් ලබා ඇති ඇය 2015 වසරේදී JAT Holdings අධ්‍යක්ෂ මණ්ඩලයට එක්වූවා ය. ගුණවර්ධන මහත්මිය ඕස්ට්‍රේලියාවේ University of New South Wales වෙතින් මනෝ විද්‍යාව පිළිබඳ උපාධියක් ලබා තිබේ.

මේ වනවිට JAT Global (Private) Limited හි විධායක අධ්‍යක්ෂවරියක ලෙස කටයුතු කරන අනිකා විලියම්සන් මහත්මිය JAT මණ්ඩලයට පත්වූයේ 2020 වසරේදී ය. මූල්‍ය, අපනයන හා බැංකු යනාදී ක්ෂේත්‍ර සම්බන්ධයෙන් වසර 8 කට අධික අත්දැකීම් ඇය සතු වන අතර, 2020 වසරේදී ඇය JAT Property Group (Private) Limited හි මූල්‍ය අධ්‍යක්ෂවරිය ලෙස පත්කරන ලදි. ඔස්ට්‍රේලියාවේ Curtin University වෙතින් ගිණුම්කරණය හා ව්‍යවසායකත්වය පිළිබඳ ද්විත්ව උපාධියක් ලබා ඇති විලියම්සන් මහත්මිය එහි Pro Vice Chancellors Chapter හි සාමාජිකාවක ලෙසද කටයුතු කර තිබේ.

විවිධත්වයෙන් සපිරි, මැනැවින් සමබර අධ්‍යක්ෂ මණ්ඩලයක් සිටීම මගින් වඩාත් පුළුල් මට්ටමේ අදහස්, දෘෂ්ටිකෝණ සහ අත්දැකීම් ඔස්සේ තීරණ ගැනීමට JAT Holdings සමාගමට හැකියාව ලැබෙනු ඇති අතර, එය සමස්තයක් ලෙස සමාගමේ ව්‍යාපාරික ඉලක්ක හඹායාමේදී බෙහෙවින් තීරණාත්මක සාධකයක් වනු ඇත. මේ සියල්ල සමගින්, නවෝත්පාදනය ඔස්සේ තම ශක්තිමත් ආයතනික ආකෘතිය නව මානයක් වෙත රැගෙන යාමට JAT Holdings නිරන්තරයෙන් සමත් වනු නොඅනුමාන ය.



Name

‌,459,‌ disasters,46,‌ sport,24,~Hot News,1,2023 budget,3,21A,3,‌22A,1,abuse,4,accident,126,air force,5,Army,65,Art,18,astrology,1,Astronomy,2,breaking,350,budget,18,Business,80,Cabinet Decisions,78,cancer,1,China,1,Court,123,covid-19,146,covid19,2380,Cricket,1,‌crime,16,Crime,216,curfew,7,defence,34,defense,3,Development,198,‌disasters,1,disease,2,Economy,64,Education,281,election,1,Enviorment,64,Environment,9,exams,19,Exclusive,3,Fe,1,Featured,3,Film,5,Finance,66,fuel,2,fuel crisis,7,gammanpila,6,gas,1,gas crisis,1,gazzete,1,Gossip,2,Government,588,‌harthal,2,heal,1,Health,487,Illegal,2,imf,3,International,1,ipl,1,isis,1,‌jvp,1,kids,1,live,5,local,5,Lockdown,24,Media,1,Monkeypox,2,murder,3,narcotic,17,navy,90,new normal,2,news,16,newsinbrief,2,pakistan,1,Parliament,221,pasku,3,pavithra,1,Police,597,Political,339,portcity,1,power outage,1,President,127,Prime Minister,62,private Sector,2,protest,24,ranil,1,Religion,9,rishad,10,sajith,3,Security Forces,4,SJB,20,special notice,1,sport,150,sports,113,state of emergency,1,strike,1,tech,17,Traffic,5,Transport,95,Travel,12,unp,1,war,1,weather,402,world cup 2022,3,xpress pearl,4,විනෝදාත්මක,10,විශේෂාංග,14,වීඩියෝ,3,
ltr
item
BottomLine - Sri Lanka News: ස්ත්‍රී-පුරුෂ සමානාත්මතාව මූලික කරගත් නූතන ව්‍යාපාර ආකෘතියේ පෙරගමන්කරුවෝ | JAT අධ්‍යක්ෂ මණ්ඩලය
ස්ත්‍රී-පුරුෂ සමානාත්මතාව මූලික කරගත් නූතන ව්‍යාපාර ආකෘතියේ පෙරගමන්කරුවෝ | JAT අධ්‍යක්ෂ මණ්ඩලය
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEgFaJFQzVUGWpu8pD4ABrrYkdqeOgoFmWadAlKQ5A3f56QU2ESJN-SAcF0Q-dOvpiga25xZiFmOmngGEcjkb7cJE73sluwG6rcYudzGPU0iWFjdymvYMvLdEPALziPg6_5dozEQ42UQg4E/s16000/JAT-Board-of-Directors-1.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEgFaJFQzVUGWpu8pD4ABrrYkdqeOgoFmWadAlKQ5A3f56QU2ESJN-SAcF0Q-dOvpiga25xZiFmOmngGEcjkb7cJE73sluwG6rcYudzGPU0iWFjdymvYMvLdEPALziPg6_5dozEQ42UQg4E/s72-c/JAT-Board-of-Directors-1.jpg
BottomLine - Sri Lanka News
https://www.bottomline.asia/2021/05/jat-directors.html
https://www.bottomline.asia/
https://www.bottomline.asia/
https://www.bottomline.asia/2021/05/jat-directors.html
true
3834527072723498124
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS PREMIUM CONTENT IS LOCKED STEP 1: Share to a social network STEP 2: Click the link on your social network Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy Table of Content