දිස්ත්‍රික්ක 7ක අයත් ග්‍රාමසේවා වසම් රැසක් අද සිට හුදෙකලා භාවයෙන් ඉවත් කර ඇති බව ද යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා ප්‍රකාශ කළා.
ත්‍රිකුණාමල දිස්ත්‍රික්කයේ උප්පුවේලි පොලිස් බල ප්‍රදේශයේ අන්දකුලම් ග්‍රාම නිලධාරී වසමේ සුහදුමාවත, චීන වරාය පොලිස් බල ප්‍රදේශයේ කවන්තිකුඩා ග්‍රාම නිලධාරී වසමේ විජේරත්න මාවත මෙලෙස හුදෙකලා භාවයෙන් ඉවත් කර තිබෙනවා.
ඊට අමතරව කළුතර දිස්ත්‍රික්කයේ දොඩංගොඩ පොලිස් බල ප්‍රදේශයේ බෝඹුවල වයඹ, බෝම්බුවල නිරිත, බෝඹුවල උතුරුමැද, බෝඹුවල දකුණ මැද, බෝඹුවල ගිණිකොණ, යන ග්‍රාම නිලධාරී වසම්ද හුදෙකලා භාවයෙන් ඉවත් කර තිබෙනවා.
කළුතර දිස්ත්‍රික්කයේ මීගහතැන්න පොලිස් බල ප්‍රදේශයේ කටුකැළේ, වැල්මීගොඩ ග්‍රාම නිලධාරී වසමත්, පානදුර දකුණ පොලිස් බල ප්‍රදේශයේ පිංවත්ත, පිංවත්ත බටහිර ග්‍රාම නිළධාරි වසම් ද හුදෙකලා භාවයෙන් ඉවත් කර තිබෙනවා.
එමෙන්ම බණ්ඩාරගම පොලිස් වසමේ බණ්ඩාරගම නැගෙනහිර ග්‍රාම නිලධාරී වසමේ රොටරිගම ප්‍රදේශය ද හුදෙකලා භාවයෙන් ඉවත් කෙරුණා.
ඊට අමතරව මඩකලපුව, නුවරඑළිය, ගම්පහ, පොළොන්නරුව, කුරුණෑගල දිස්ත්‍රික්කවල හුදෙකලා කෙරුණු ප්‍රදේශ කිහිපයක් ද අද පෙරවරුවේ සිට හුදෙකලා භාවයෙන් නිදහස් කළ බව යුද හමුදාපතිවරයා වැඩිදුරටත් සදහන් කළා.