ඇළක සිටි මසුන් ඇල්ලීම පාප ක්‍රියාවක් යැයි, අවධාරණය කරන ලද අසූ පස් හැවිරිදි හිමිනමකට පොලුවලින් පහරදී ඝාතනය කර ඇති බව වැලිගම මූලස්ථාන පොලිසිය පවසයි.
මෙම අවාසනාවන්ත සිදුවීමට මුහුන දී ඇත්තේ වැලිගම ගොවියාපාන කපුවත්ත ශ්‍රී විවේකාරාම විහාරස්ථානයේ විහාරාධිකාරී තිත්තගල්ලේ දේවානන්ද හිමියන්ය.
පසුගිය 29 වනදා මෙය සිදුවී තිබෙනවා.
අසාධ්‍යවූ හිමි නම දින 16 ක් පුරාවට මාතර මහ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිට අපවත් වී තිබෙනවා.
දේවානන්ද හිමියන් විසින් දිනපතා විහාරස්ථානය පිටුපස පිහිටා තිබෙන ඇලෙහි මත්ස්‍යයන් හට ආහාර දැමීම කාලයක සිට සිදු කරගෙන කර ගෙන යන ලද අතර පසුගිය විසි නව වැනිදා (29) එම ඇළෙහි මාළු ඇල්ලීමේ නිරත වූ තරුණයකු හට එහි ආදීනව පෙන්වා දී ඇත.
ඒ පිළිබඳ උරණ වූ සැකකාර තරුණයා තවත් පස් දෙනෙකු සමග හිමිනමට පහර දී ඇති අතර එම තරුණයින් පස් දෙනා සැකපිට ප්‍රශ්න කිරීම සඳහා අත් අඩංගුවට ගත් බව පොලිසිය කියයි.