සෙලන්දිවා නමින් පුද්ගලික සමාගමක් පිහිටුවා රජයේ වත්කම් පුද්ගලික අංශයට පැවරීමට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයට මූලික අයිතිවාසිකම් පෙත්සමක් ඉදිරිපත් වී තිබෙනවා.
ඉංජිනේරුවරයෙකු වන කපිල රේණුක පෙරේරා නමැත්තා විසින් ගොණුකර ඇති මෙම පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස දක්වා ඇත්තේ නීතිපති, මුදල් ඇමති, මහා භාණ්ඩාගාර ලේකම්, විගණකාධිපති ඇතුලු පාර්ශව 19 ක්
රජයේ කොටස් සමාගම්වලට පැවරීමෙන් සිය මූලික අයිතිවාසිකම් කඩවන බවත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය වන බවත් පෙත්සම්කරු පෙන්වා දෙනවා.
එබැවින් විශේෂ කරුණක් ලෙස සළකා විශේෂ විනිසුරු මඩුල්ලක් පත් කර මෙම පෙත්සම විභාග කරන ලෙසටයි පෙත්සම්කරු අගවිනිසුරුවරයාගෙන් ඉල්ලා සිටින්නේ.




