නිරිතදිග මෝසම සක්‍රිය වීමත් සමඟ දිවයිනේ ප්‍රදේශ රැසක රැසකට නාය යාමේ අවදානමක් පවතින බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනය පවසයි.
ඔවුන් වැඩි අවදානමක් පවතින ප්‍රදේශ ලෙස හඳුනාගෙන ඇත්තේ මිලිමීටර් 100ට වඩා වර්ෂාපතනයක් ඇතිවූ කලුතර දිස්ත්රික්කයේ බුලත්සිංහල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයත්,රත්නපුර දිස්ත්‍රික්කයේ ඇහැලියගොඩ හා කළවාන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ වලටත් ගාල්ල නෙලුව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශය වෙතටත් නාය යාම වැඩි අවදානමක් ඇති ප්‍රදේශ ලෙස ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනය නිවේදනය නිකුත් කර ඇත.
තවද කොළඹ දිස්ත්‍රික්කයේ සීතාවක ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශය ටත්, කළුතර පාලින්දනුවර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශය ටත්,මාතර පිටබැද්දර ප්‍රාදේශීය ලෙකම් ලෙකම් කොට්ඨාශය ටත් නුවරඑළිය වලපනේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ වලටත්, රත්නපුර අයගම හා කුරුවිට ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ වලටත් විමසිලිමත් ව සිටින ලෙස ඉල්ලා සිටී.




