තිස්සමහාරාම - තිස්ස වැවේ රොන් මඩ ඉවත් කිරීමේ ව්‍යෘපාතියට අදාළ විදේශ සමාගමේ සේවකයින් මහජන චීන විමුක්ති හමුදාවට අයත් නොවන පිරිසක් බව ශ්‍රී ලංකා චීන තානාපති කාර්යාලය විසින් ආරක්ෂක ලේකම්, විශ්‍රාමික ජෙනරාල් කමල් ගුණරත්න මහතා වෙත දැනුම්දී තිබෙනවා.
ආරක්ෂක අමාත්‍යාංශය සඳහන් කළේ මෙම ව්‍යාපෘතිය සිදුකිරීමට පැමිණි චීන ජාතික සේවකයින් හමුදා කැලෑ නිල ඇඳුමින් සැරසී සිටි බවට මාධ්‍ය මගින් ප්‍රචාරය වීමත් සමඟ ආරක්ෂක ලේකම්වරයා මේ සම්බන්ධයෙන් විමසා සිටි බවයි. ඒ අනුව චීන තානාපති කාර්යාලය දන්වා ඇත්තේ මෙම ඇඳුම් විදේශ සමාගමක සේවකයින් අඳින ඇඳුමක් වන බවයි. එමෙන්ම, මෙවැනි ඇඳුම් ඇඳීමෙන් වළකින ලෙසටද අදාළ ආයතනය වෙතද ආරක්ෂක ලේකම්වරයා උපදෙස් ලබාදී තිබෙනවා.




