අද (30) පෙරවරුවේ ආරම්භ කළ සංකේත දුම්රිය වර්ජනය නවතා දැමූ බව දුම්රිය එංජින් රියදුරන්ගේ සංගමය සදහන් කළා.
ප්‍රවාහන අමාත්‍යංශයේදී පැවති සාකච්ජාවකින් අනතුරුව ඔවුන් එම තීරණය ගෙන තිබේ.
එහි ලේකම් ඉන්දික දොඩම්ගොඩ මහතා පැවසුවේ, දුම්රිය ප්‍රවේශ පත්‍ර විද්‍යුත් ක්‍රමයකට නිකුත් කිරීමට අදාළ ව්‍යාපෘතියක් විදෙස් සමාගමකට ලබාදීමට විරෝධය පළ කරමින් එම වෘත්තිය සමිති ක්‍රියාමාර්ගය ආරම්භ කළ බවය.
මේ පිළිබඳ සාකච්ඡා වට කිහිපයක් සිදුකළ ත් ඒ සඳහා නිසි පිළිතුරක් නොලැබීම හේතුවෙන් මෙම වෘත්තීය ක්‍රියාමාර්ගය ගත් බව ද ඒ මහතා පැවසීය.