චීනයෙන් තවත් සයිනොෆාම් එන්නත් මාත්‍රා මිලියන 2ක් මෙරටට අද (22) අලුයම චීනයේ නිෂ්පාදිත සයිනොෆාම් එන්නත් මාත්‍රා මිලියන 2ක් මෙරටට රැගෙන විත් තිබෙනවා.
අලුයම 05.30ට පමණ බීජිං නුවර සිට පැමිණි ගුවන් යානා දෙකකින් එම එන්නත් තොගය මෙරට රැගෙන ආ බව ගුවන් තොටුපළ ආරංචිමාර්ග පවසනවා.
එම එන්නත් රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව විසින් මිලදී ගනු ලැබූවක් බවත් අද දිනයේ මෙරටට ලැබුණු එන්නත් ප්‍රමාණයෙන් මාත්‍රා ලක්ෂ 4ක් කුරුණෑගල දිස්ත්‍රික්කයටත් එන්නත් මාත්‍රා 275,000ක් ගාල්ල දිස්ත්‍රික්කයකටත් බෙදා දීමට නියමිත බව රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා සඳහන් කළා.
මීට අමතරව මාතර, බදුල්ල සහ රත්නපුර යන දිස්ත්‍රික්ක සඳහා එන්නත් මාත්‍රා ලක්ෂ 2 බැගින් ද පුත්තලම, පොළොන්නරුව, නුවරඑළිය, මොනරාගල, අම්පාර සහ මඩකලපුව දිස්ත්‍රික්කවලට එන්නත් මාත්‍රා ලක්ෂය බැගින් ද , හම්බන්තොට දිස්ත්‍රික්කයට එන්නත් මාත්‍රා 125,000ක් ද ලබාදීමට සැලසුම් කර ඇති බව ඔහු වැඩිදුරටත් පැවසුවා.
මෙම එන්නත් තෙගය පිළිබඳව චීන මහ කෙමසාරිස් කාර්යාලය කළින් පවසා තැබූ අයුරු
What a speed! #SriLanka !
— Chinese Embassy in Sri Lanka (@ChinaEmbSL) July 15, 2021
Highest respect to each and every one dedicated to this great #vaccination campaign ongoing.#Sinopharn has confirmed that another 2 million doses vaccines will arrive on 22 July. Ammo Reloading! pic.twitter.com/N3ke9gHFdi