නව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා ලෙස ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නිහාල් තල්දූව මහතා පත්කර තිබෙනවා. ඔහු දැනට පොලිස් මාධ්‍ය කොට්ඨාසයේ අධ්‍යක්ෂක තනතුරට දරණ අතර මෙම තනතුර ලැබී ඇත්තේ මෙයට අමතරවයි.
පොලිස් සේවයට ඔහු එක්ව ඇත්තේ උප පොලිස් පරීක්ෂකවරයෙක් ලෙස වන අතර ඔහු දිවයිනේ ප්‍රදේශ රැසක සේවය කර ඇති අත්දැකීම් බහුල නිලධාරියෙකි.
ත්‍රස්ත මර්දන හා විමර්ශන කොට්ඨාසයේ අධ්‍යක්ෂවරයා ලෙසත් , පොලිස් මූලස්ථාන අපරාධ කොට්ඨාශයේ අධ්‍යක්ෂ ලෙසත් බස්නාහිර පළාත් බුද්ධි කොට්ඨාශයේ අධ්‍යක්ෂ ලෙසත් කටයුතු කර ඇති ඒමහතා ඇල්පිටිය හා යාපනය පොලිස් කොට්ඨාස භාර පොලිස්ද ප්‍රධානියා ලෙසද සේවය කර තිබෙනවා.
ශ්‍රි ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ වාණිජවේදී විශේෂ උපාධියද, පශ්චාත් උපාධියද හිමිකරගෙන ඇති ඒ මහතා ගාල්ල රිච්මන්ඩ් විද්‍යාලයේ ආදි ශිෂ්‍යයෙකු වනවා.
පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න මහතා විසින් නිකුත් කර ඇති නියෝගයට අනුව මෙම පත් කිරීම පසුගිය 14 වැනිදා සිට බලාත්මක වන අතර අද (16) පෙරවරුව දක්වා පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා ලෙස කටයුතු කළේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතායි.
මාධ්‍ය ප්‍රකාශක තනතුර දැරූ ජ්‍යෙෂ්ඨතම පොලිස් නිළධාරියා ලෙස අජිත් රෝහණ මහතා ඉතිහාසයට එක්වනවා.




