ඉදිරිපැය 24 ට දිවයින වටා වන මුහුදු ප්‍රදේශ සඳහා කාලගුණ අනාවැකිය
උතුරු බෙංගාල බොක්ක ප්‍රදේශ ආශ්‍රිත මුහුදු ප්‍රදේශයේ පවතින 'ගුලාබ්' සුළි කුණාටුව ගැඹුරු පීඩන අවපාතයක් දක්වා දුර්වල වී දකුණු ඔඩිස්ස ආසන්න උතුරු ආන්ද්‍රා ප්‍රදේශයේ ස්ථාන ගතව පවතී.
උතුරු අක්ෂාංශ 15.0 සහ 20.0,නැගෙනහිර දේශාංශ 80.0 සහ 90.0 මුහුදු ප්‍රදේශවල ධීවර සහ නාවික කටයුතුවල යෙදෙන විට මේ පිලිබදව අවධානයෙන් කටයුතු කරන ලෙස අවවාද කරනු ලැබේ.
වැසි තත්ත්වය:
පුත්තලම සිට කොළඹ සහ ගාල්ල හරහා හම්බන්තොට දක්වා වන මුහුදු ප්‍රදේශ වල විටින් විට වැසි හෝ ගිගිරුම් සහිත වැසි ඇතිවේ. ඇතැම් ස්ථානවලට තද වැසි ද ඇතිවිය හැක. සෙසු මුහුදු ප්‍රදේශවල තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැක.
සුළඟ:
දිවයින වටා වන මුහුදු ප්‍රදේශවල සුළං බස්නාහිර සිට නිරිත දෙසින් හමා එයි. සුළගේ වේගය පැ.කි.මී. (40-50) පමණ වේ. මන්නාරම සිට පුත්තලම, කොළඹ, ගාල්ල සහ හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වන මුහුදු ප්‍රදේශවල සුළගේ වේගය විටින් විට පැ.කි.මී. (60-70) පමණ දක්වා වැඩි විය හැක.
මුහුදේ ස්වභාවය:
මන්නාරම සිට පුත්තලම, කොළඹ, ගාල්ල සහ හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වන මුහුදු ප්‍රදේශ විටින් විට රළු හෝ ඉතා රළු වේ. සෙසු මුහුදු ප්‍රදේශ තරමක් රළු විය හැක.
පුත්තලම සිට කොළඹ, ගාල්ල සහ හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වන වෙරළ ආසන්න මුහුදු ප්‍රදේශවල මුහුදු රළ මීටර්. (2.0 - 2.5) ක් පමණ ඉහළ යාමේ හැකියාවක් ද පවතී.
එම මුහුදු ප්‍රදේශවල නැවත දැනුම් දෙන තුරු ධීවර සහ නාවුක කටයුතුවල නොයෙදෙන ලෙසද දැනට මෙම ප්‍රදේශයේ ස්ථානගතව සිටින අය වෙතොත් ආරක්ෂාකාරී ස්ථාන වෙත ගමන් කරන ලෙසද අවවාද කරනු ලැබේ.
අපගේ WhatsApp පුවත් සේවාවට එක්වී මෙවැනි පුවත් ඔබ අතටම ලබාගන්න.




