කල් ඉකුත්වී ඇති සහ කල් ඉකුත්වීමට නියමිත රියදුරු බලපත්‍රවල වලංගු කාලසීමාව දිර්ඝ කිරීමට ප්‍රවාහන අමාත්‍යාංශය තීරණය කර තිබෙනවා.
ප්‍රවාහන අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය පැවසුවේ ඒ අනුව 2021 වසරේ අප්‍රේල් මස 1 වනදායින් ආරම්භ වී සැප්තැම්බර් 30 වනදා කල් ඉකුත්වීමට නියමිත සෑම රියදුරු බලපත්‍රයකම වලංගු කාල සීමාව කල් ඉකුත්වීමේ දිනයේ සිට වසරකින් දීර්ඝ කළ බවයි.
එමෙන්ම මේ වසරේ ඔක්තෝබර් 01 වනදායින් ආරම්භ වී 2022 මාර්තු 31 වනදායින් කල් ඉකුත්වීමට නියමිතව තිබූ රියදුරු බලපත්‍රවල වලංගු කාලය කල් ඉකුත්වීමේ දින සිට මාස 6කින් දීර්ඝ කිරීමට තීරණය කර තිබේ.
මෙම කාලයේ කල් ඉකුත්වූ රියදුරු බලපත්‍ර අළුත්කිරීමේදී ප්‍රමාද ගාස්තු ලෙස අයකරනු ලබන දඩ මුදල ගෙවීමකින් තොරව
රියදුරු බලපත්‍ර අළුත් කරගැනීමට ද අවස්ථාව ලබා දීමටද තීරණය කර ඇත.
අපගේ WhatsApp පුවත් සේවාවට එක්වී මෙවැනි පුවත් ඔබ අතටම ලබාගන්න.