බලශක්ති ඇමැති නිතීඥ උදය ගම්මන්පිල මහතා පැවසුවේ ලබන වසරේ ජනවාරි මාසය තෙක් රට තුළ කිසිසේත්ම ඉන්ධන හිඟයක් මතු නොවන බවත් එතෙක් අඛන්ඩව තෙල් සැපයීමට සහතික කර ඇති බවත්ය.
විපක්ෂය දිගින් දිගටම තෙල් හිඟයක් ඇතිවනු ඇති බවට සඳහන් කරමින් බොරු ප්‍රචාර නොකරන ලෙසට ඔවුන්ගෙන් තමන් ඉල්ලා සිටින බවත්, විදේශ විනිමය අර්බුදයකදී ලෝකයේ රටවල් මුලින්ම මුහුණ දෙන්නේ තෙල් හිගයකට බවත්, සීමිත විදේශ විනිමය ප්‍රමුඛතා පදනමින් ඉන්ධන සඳහා වෙන් කිරීමට ආණ්ඩුව කටයුතු කළ නිසා ඉන්ධන හිඟයක් ඇති නොවුන බවත් අමාත්‍යවරයා පැවසීය.
බලශක්ති අමාත්‍යාංශයේදී ඊයේ (29) පැවැති මාධ්‍ය හමුවට සහභාගීවෙමින් අමාත්‍යවරයා සදහන් කළේ ලබන දෙසැම්බර් මාසයේදී ඛනිජ තෙල් ගවේශනයට ලංසු කැඳවීමේදී හොඳ ප්‍රතිචාරයක් ලබාගැනීමට බලාපොරොත්තු වන බවත් මෙරට විදුලි බලාගාරවලට ගෑස් සැපයීම ලබන 2027 දක්වා ඇමරිකානු සමාගමකට ලබා දීම ශ්‍රී ලංකාවේ ගෑස් නිධි කැනීමට විදේශ ආයෝජකයන් ගෙන්වා ගැනීමට බාධකයක් වන බවත්, ඒ පිළිබද වන නිරීක්ෂණ තමා අමාත්‍ය මණ්ඩලයට ලබා දී ඇති බවත්ය.
අමාත්‍යවරයා තවදුරටත් සදහන් කළේ විදුලිබලාගාර විශාල ගණනක් පුද්ගලික අංශයේ ආයෝජන මත සිදුවෙන බවත් ගැටලුව වන්නේ ශ්‍රීලංකාවේ ගෑස් සැපයීමේ ඒකාධිකාරය වසර පහකට ඇමරිකාව හිමිව තිබීම බවත්ය.
අපගේ WhatsApp පුවත් සේවාවට එක්වී මෙවැනි පුවත් ඔබ අතටම ලබාගන්න.