ලබන සඳුදා (4 වැනිදා) සිට මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව සහ ජාතික ප්‍රවාහන වෛද්‍ය ආයතනය අත්හිටුවා තිබූ සෙසු සේවාවන් ආරම්භ කරන බව වාහන නියාමනය, බස් රථ ප්‍රවාහන සේවා හා දුම්රිය මැදිරි හා මෝටර් රථ කර්මාන්ත රජ්‍ය අමාත්‍යංශයේ ලේකම් එස්.එම්.ඩී.එල්.ඩී. අල්විස් මහතා පැවසීය.
ලේකම්වරයා වැඩිදුරටත් කියා සිටියේ සේවාවන් සඳුදා ආරම්භ කළ ද ඒ සඳහා වන දිනයන් සහ වේලාවන් වෙන්කරගැනීම් ලබන සිකුරාදා (1 වැනිදා) සිට ක්‍රියාත්මක වන බවයි.මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව නිරෝධායන ඇඳිරිනීති සමයේ සීමිත සේවා යටතේ විදේශගත වන පුද්ගලයන්ට අත්‍යවශ්‍ය රියදුරු බලපත්‍ර දුරකථවලින් දිනය සහ වේලාවෙ වෙන්කරගැනීමේ ක්‍රමය යටතේ ද, ලීසිං සමාගම් සමඟ සම්බන්ධව වාහන ලියාපදිංචි කිරීමේ සේවා ද සැපයීය.
අපගේ WhatsApp පුවත් සේවාවට එක්වී මෙවැනි පුවත් ඔබ අතටම ලබාගන්න.