යුක්රේනයේ දකුණුදිග මැරියුපෝල් නගරයේ මාතෘ හා ළමා රෝහලකට රුසියාව විසින් ගුවන් ප්‍රහාර එල්ල කර තිබෙනවා.
මෙම සිද්ධියෙන් කාර්ය මණ්ඩලය සහ රෝගීන් 17 දෙනෙකු තුවාල ලබා ඇති අතර රෝහලට දැඩි හානි සිදු වී ඇත.
මෙම ප්‍රහාරයෙන් කිසිදු මරණයක් වාර්තා වී නැති බව මැරියුපෝල් නගරයේ පරිපාලන ප්‍රධානී Pavlo Kyrylenko තහවුරු කරයි.
මේ අතර යුක්රේන ජනාධිපතිවරයා ප්‍රකාශයක් නිකුත් කරමින් කියා සිටියේ මෙය යුද අපරාධයක් බවයි.
කෙසේ වෙතත් පසුගිය සති දෙකක කාලය තුළ අවම වශයෙන් ළමුන් 37 දෙනෙකු මියගොස් 50 දෙනෙකු තුවාල ලබා ඇති බව යුනිසෙෆ් සංවිධානය පවසනවා.අපගේ WhatsApp පුවත් සේවාවට එක්වී මෙවැනි පුවත් ඔබ අතටම ලබාගන්න.



