ශ්‍රී ලංකාව මුහුණ දෙමින් සිටින ආර්ථික අර්බුදයට විසඳුම් ලබාදීම සඳහා අන්තර්ජාතික සංසදයක් පිහිටුවීමට අවධානය යොමු වී තිබෙනවා.
මේ සඳහා ඇමරිකාව, චීනය,බ්‍රිතාන්‍ය, ඉන්දියාව, ජපානය ඇතුළු රටවල් කිහිපයක් එක්වීමට නියමිතයි.
ශ්‍රී ලංකාවේ ඉන්දීය මහකොමසාරිස් ගෝපාල් බාග්ලේ, ජපාන තානාපති මිෂුකොෂි හිඩෙකි,චීන තානාපති ෂියන් ලියන්,ඇමෙරිකානු තානාපතිනි ජූලි චංග් සහ මෙරට නව අගමැති රනිල් වික්‍රමසිංහ අතර පැවති සාකච්ඡා අතරතුර දී මේ සම්බන්ධයෙන් අවධානය යොමු කර තිබෙනවා.
ඒ අනුව ශ්‍රී ලංකාවේ ආර්ථිකය ස්ථාවර කිරීම සඳහා එම රටවල නියෝජිතයින් අඛණ්ඩව සහාය දක්වන බව සදහන් කර ඇත.
අපගේ WhatsApp පුවත් සේවාවට එක්වී මෙවැනි පුවත් ඔබ අතටම ලබාගන්න.




