ශ්‍රී ලංකාව මෙතෙක් මුහුණ දුන් දරුණුතම ආර්ථික අර්බුදයට පත්ව ඇති අවස්ථාවක තමාට ඉවත්ව යන ලෙස බලපෑම් එල්ල වුවද ඉතිරි වසර දෙකද ධුරයේ රැඳී සිටින බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසනවා.
ඊයේ (06) බ්ලූම්බර්ග් වෙබ් අඩවිය සමග සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් එක්වෙමින් ඔහු මෙම අදහස් පළ කළා.
එමෙන්ම තමාට අසාර්ථක ජනාධිපතිවරයෙකු ලෙස ඉවත් විය නොහැකි බවත් යළි ජනාධිපතිවරණයට තරග නොකරන බවත් ජනාධිපතිවරයා පවසා ඇත.
මේ අතර ජනාධිපතිවරයා පෙන්වාදෙන්නේ සාම්ප්‍රදායික දේශපාලනයට එරෙහිව යාමේදී ඇතැම් අයගේ සහය නොලැබෙන බවයි.
එමෙන්ම වත්මන් ආර්ථික අර්බුදය සහ 21වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් ද ජනාධිපතිවරයා මෙහිදී අදහස් පළ කර තිබෙනවා.
අපගේ WhatsApp පුවත් සේවාවට එක්වී මෙවැනි පුවත් ඔබ අතටම ලබාගන්න.




