වසරක කාලයක් සඳහා වැටුප් නොලබා වැඩ කිරීමට කැබිනට් අමාත්‍යවරුන් තීරණය කර ඇත.
අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා විසින් කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කරන ලද මෙම යෝජනාවට සියලු අමාත්‍යවරුන් එකගත්වය පළ කළ බව කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේ දී අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පැවසුවා.
"මේ වර්ෂය තුළ දී කැබිනට් මණ්ඩලයට අගමැතිවරයා ඉදිරිපත් කළා කැබිනට් පත්‍රිකාවක් මේ වර්ෂය තුළදී කිසිදු අමාත්‍යවරයෙක් වැටුප් නොලබා අවුරුද්දක කාලයක් සේවය කිරීම සඳහා ඉදිරිපත් කළ කැබිනට් යෝජනාවට අනුමැතිය ලැබුණා. ඒ නිසා මේ වර්ෂයක කාලය තුළ අපි හැමකෙනෙක්ම රට වෙනුවෙන් බොහෝ ජනතාව කරන පරිත්‍යාගයන් වගේම කිසිදු වැටුපක් ලබන්නේ නැතුව ඇමති වැටුපක් ලබන්නේ නැතුව වසරක කාලයක් තුළ ක්‍රියා කරන්න කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කළා. ඒ සඳහා කැබිනට් මණ්ඩලයේ සියලුම ඇමතිවරු කැමැති වුණා."
අපගේ WhatsApp පුවත් සේවාවට එක්වී මෙවැනි පුවත් ඔබ අතටම ලබාගන්න.




