නුවරඑළිය දිස්ත්‍රික්කයේ පුද්ගලික සහ රජයේ ඉඩම්වල වගාකර ඇති කොස් සහ පොලොස් හැටන් වටවල ප්‍රදේශයේ පිහිටි පෞද්ගලික සත්ව ගොවිපලක සතුන්ට ආහාර වශයෙන් ලබා දී ඇති බව වාර්තා වනවා.
එහෙම ගොවිපලේ කිරි එළදෙනුන් විශාල සංඛ්‍යාවක් සිටින අතර තෘණ, බඩ ඉරිඟු හිඟය සහ පුන්නක්කු මිල ඉහළ යාම නිසා අඩු මිලට කොස්,පොලොස් මිල දී ගෙන දිනපතා සතුන්ට ලබා දෙන බව ප්‍රදේශ වාසීන් පවසයි.
මේ අතර ආහාර සුරක්ෂිතතා වැඩසටහන යටතේ පසුගිය දා නුවරඑළිය දිස්ත්‍රික්කය තුළ කොස් ගස් කැපීම සම්පූර්ණයෙන් තහනම් කිරීමට දිස්ත්‍රික් ලේකම් නන්දන ගලබොඩ මහතා පියවර ගත්තා.
ඒ අනුව ගිනිගත්හේන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට ලද පැමිණිල්ලකට අනුව එම ප්‍රදේශවාසීන් දැනුවත් කිරීමට පියවර ගෙන ඇති අතර අදාළ ගොවිපලට කොස් සහ පොලොස් ලබාදීම නතර කර තිබෙනවා.
කෙසේ වෙතත් එම ගොවිපළේ සේවකයින් ලොරි රථවලින් පැමිණ නුවරඑළිය දිස්ත්‍රික්කය තුළ පමණක් නොව ඉන් පිට පළාත්වලට ගොස් සත්ත්ව ගොවිපොළට අවශ්‍ය කොස් සහ පොලොස් ඉතා අඩු මිලට මිලදී ගන්නා බවයි වාර්තා වන්නේ.
අපගේ WhatsApp පුවත් සේවාවට එක්වී මෙවැනි පුවත් ඔබ අතටම ලබාගන්න.




