දෙල්තොට කරගස්කඩ ජාතික පාසලේ පාසලේ 10 ශ්‍රේණියේ ඉගෙනුම ලබන ශිෂ්‍යයෙකුට කොරෝනා වෛරසයට එරෙහි ෆයිසර් එන්නත දෙවරක් ලබාදී ඇති බවට එම සිසුවාගේ පියා ගලහ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයට පැමිණිලි කර තිබෙනවා.
කාඩ් පත ලිවීම සහ එන්නත විදීම එකම ස්ථානයකදී සිදු කර ඇති අතර කාඩ් පත ලිවීමට වාඩි වූ අවස්ථාවේ මෙම සිසුවාට එන්නත ලබාදී ඇති අතර කාඩ්පත ලබාගැනීමට රැඳී සිටින අතරතුර යළිත් ඔහුට එන්නත ලබාදී ඇති බවයි වාර්තා වන්නේ.
එම නිලධාරීන් දෙදෙනා කතාබහක යෙදී සිටිමින් මෙම කටයුත්ත සිදු කළ බවත් සෑම අයකුටම එන්නත් දෙක බැගින් ලබාදෙන බව තමා සිතා සිටි බවත් එම සිසුවා පවසනවා.
අපගේ WhatsApp පුවත් සේවාවට එක්වී මෙවැනි පුවත් ඔබ අතටම ලබාගන්න.




