ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික ලැයිස්තු මන්ත්‍රීවරයෙකු ලෙස එළඹෙන 21 වන දා ව්‍යාපාරික ධම්මික පෙරේරා මහතා දිවුරුම් දීමට නියමිත බව පාර්ලිමේන්තු ආරංචි මාර්ග සඳහන් කරයි.
ඒ අනුව ඔහු තාක්ෂණ හා ආයෝජන ප්‍රවර්ධන අමාත්‍යවරයා ලෙස දිවුරුම් දීමට නියමිත අතර එම අමාත්‍යාංශයට අදාළ කාර්යයන් මේ වන විටත් ගැසට් කර තිබෙනවා.
හිටපු මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයෙන් ඉල්ලා අස්වීමත් සමඟ පුරප්පාඩු වූ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික ලැයිස්තු මන්ත්‍රීවරයෙකු ලෙස ධම්මික පෙරේරා මහතාගෙන් නම පසුගියදා 10 වනදා ගැසට් මගින් ප්‍රකාශයට පත් කළා.
අපගේ WhatsApp පුවත් සේවාවට එක්වී මෙවැනි පුවත් ඔබ අතටම ලබාගන්න.




