අනුබුදු මිහිඳු මාහිමිපාණන් ශ්‍රී ලංකාද්වීපයට උතුම් වූ බුදු දහම රැගෙන වැඩම කළ උතුම් පොසොන් පුර පසළොස්වක පොහොය අදට (14) යෙදී තිබෙනවා.
ඒ අනුව මිහිඳු මහරහතන් වහන්සේ ධර්ම දූතයින් පිරිවරාගෙන අනුරාධපුර මිස්සක පව්ව මතට වැඩම කිරීමත් සමග එවකට දෙවන පෑතිස් රජතුමා බුදු දහම වැළද ගැනීම නිසා මෙරට ජාතික සංස්කෘතිය බුදුදහමේ පෝෂණය ලබන්නට පටන් ගත්තේ අද වැනි පොහොය දිනකයි.
මීට අමතරව බුද්ධත්වයට පත් වී සිව්වන සතියේ රුවන් ගෙයි වැඩ හිඳින අතරතුර පළමුවරට සවනක් ඝන බුදුරැස් ගණ බුදුරැස් විහිදීම , තුන්වන ධර්ම සංගායනාව පැවැත්වීම, දේවානම්පියතිස්ස රජු ඇතුළු පිරිස චුල්ලහත්තිපදෝපම සූත්‍රය අසා තෙරුවන් සරණ යෑම ඇතුළු බෞද්ධ ඉතිහාසයේ වැදගත් සිදුවීම් රැසක් අද වන පොහොය දිනයක සිදුවී ඇති බව බෞද්ධ ඉතිහාසයේ සඳහන් වනවා.
මේ අතර මෙවර රාජ්‍ය පොසොන් උත්සවය මිහින්තලා පුදබිම කේන්ද්‍ර කරගනිමින් 'දේශය මිථ්‍යාවෙන් යොදා ගනිමු' යන තේමාව යටතේ පැවැත් වෙනවා.
අපගේ WhatsApp පුවත් සේවාවට එක්වී මෙවැනි පුවත් ඔබ අතටම ලබාගන්න.




