ආර්ථික අර්බුදයෙන් පීඩාවට පත් වූ ශ්‍රී ලාංකික ජනතාවගේ අවශ්‍යතා සපුරාලීම සඳහා ඩොලර් මිලියන 6ක හදිසි ආධාරයක් ලබා දෙන බව එක්සත් ජනපදය අද (16)නිවේදනය කළා.
නිවේදනයක් නිකුත් කරමින් ශ්‍රී ලංකාවේ එක්සත් ජනපද තානාපතිනි ජූලි චන්ග් කියා සිටියේ ආර්ථික සහ දේශපාලන අභියෝග වලට මුහුණ දෙන ශ්‍රී ලාංකික ජනතාවට සහාය දැක්වීමට එක්සත් ජනපදය කැපවී සිටින බවයි.
ඒ අනුව ඇමරිකා එක්සත් ජනපදයේ සංවර්ධන අංශය සහ ජාත්‍යන්තර සංවර්ධනය සඳහා වූ එක්සත් ජනපද ඒජන්සිය (USAID) හරහා මෙම හදිසි මුදල් ආධාර මෙරටට ලබා දීමට නියමිතයි.

අපගේ WhatsApp පුවත් සේවාවට එක්වී මෙවැනි පුවත් ඔබ අතටම ලබාගන්න.




