ලංසු කැඳවීමකින් තොරව ඉන්දියාවේ අදානි සමාගමට මන්නාරම සුළං බල ව්‍යාපෘතිය ලබා දීමට අවශ්‍ය පරිදි විදුලිබල පනත සංශෝධනය කර ඇති බව ජාතික සංවිධාන එකමුතුව පවසනවා.
ජනාධිපතිවරයා වෙත ලිපියක් යවමින් ඔවුන් පෙන්වා දෙන්නේ විදුලි ඉංජිනේරු සංගමයේ අදහස් හෝ වෙනත් විද්වතුන් සහ මහජන අදහස් නොසලකා ඉතා හදිස්සියේ මෙම පනත සංශෝධනය කිරීම මගින් ශ්‍රී ලංකාව දණ ගස්සවා තම භූ දේශපාලන න්‍යාය පත්‍රය ක්‍රියාත්මක කිරීමට ඉන්දියානු රජය ක්‍රියා කරමින් සිටින බවයි.
ඒ ආකාරයට බලපෑම්වලට යටත් වීම මගින් රටේ බලශක්ති සුරක්ෂිතතාවයට සහ ජාතික ආරක්ෂාවට අදාළ තීන්දු ගැනීම මගින් අනාගතයේ දී රට බරපතළ අනතුරුදායක තත්වයකට පත් වන බව මෙහිදී අවධාරණය කර තිබෙනවා.
ඒ අනුව ජාතික සංවිධාන එකමුතුව විසින් විදුලිබල පනත සංශෝධනය සදහා යෝජනාවලියක් ඉදිරිපත් කර ඇත.
1) විදුලිබල පනත යටතේ 2019දී ගැසට් කරන ලද බලශක්ති ප‍්‍රතිපත්තිය සහ පසුගිය දිනවල සිදු කළ සංශෝධනයඅතර පවතින පරස්පරතාවය නිවැරදි කිරීම සඳහා නිහතමානීව පනත නැවත සංශෝධනය කිරීම සහ අවශ්‍ය වේ නම්ප‍්‍රතිපත්තිය සහ සුනිත්‍ය බලශක්ති අධිකාරී පනත සංශෝධනය කිරීම.
2) එම සංශෝධන මගින්,
i) මෙගාවොට් 25 කට අඩු සුනිත්‍ය බල ව්‍යාපෘති සඳහා විවිධ ධාරිතාවන්ට අනුව මිල සූත‍්‍ර හඳුන්වාදීම මගින් සහපොදු ගිවිසුමක් හඳුන්වාදීම මගින් රජය විසින් මිල නියම කිරීම. (එම මිල ආයෝජකයාට ආකර්ෂණීය විය යුතු අතර ඊටරාජ්‍ය භාගයක් එකතු කිරීම මගින් සුනිත්‍ය බල ක්ෂේත‍්‍රයේ ගැටලූ විසඳීම සඳහා අරමුදලක් පිහිටුවිය යුතුය.)
ii) සුනිත්‍ය බල ව්‍යාපෘති අනුමත කිරීමේ දී මෙන්ම පද්ධතියට සම්බන්ධ කිරීමේදී සහ මුදල් ගෙවීමේදී ඇතිවන ගැටලූවිසඳීම සඳහා සුනිත්‍ය බලාධිකාරී පනත යටතේ අර්ධ අධිකරණ බලය සහිත අභියාචනා කොමිසමක් පත්කිරීම.
iii) මෙගාවොට් 100කට වැඩි සුනිත්‍ය බල ව්‍යාපෘති අනුමත කිරීමේ දී රාජය විසින් යම් කොටස් අයිතියක් ලබාගැනීමසහ පාලනය සඳහා බලය ලබා ගැනීම.
iv) මෙගාවොට් 25 ට වැඩි සියලූ ව්‍යාපෘති සඳහා තරගකාරී ලංසු කැඳවීම.
v) රාජ්‍යයන් දෙකක් අතර වාණිජ නොවන ගනුදෙනුවක් මගින් ව්‍යාපෘතියක් ඉදිකිරීමේදී අනුමැතිය ලබාදීම සඳහාවිශේෂ ක‍්‍රමවේදයක් හඳුන්වා දීම.
අපගේ WhatsApp පුවත් සේවාවට එක්වී මෙවැනි පුවත් ඔබ අතටම ලබාගන්න.




