බෙලිවත්ත සීතගල්ල ස්වාභාවික මුහුදු තටාකය දියනෑමට ගිය රුහුණ විශ්වවිද්‍යාලයේ තාක්ෂණ පීඨයේ සිසුවකු අතුරුදන් වී තිබෙනවා.
මෙලෙස අතුරුදන්වී ඇත්තේ ගාල්ල තල්ගම්පල පදිංචි පංකජ ජයෝද නමැති විසි දෙහැවිරිදි ශිෂ්‍යයෙක්.
සිසුන් තිදෙනකු මෙලෙස මුහුදේ ගසාගෙන ගොස් ඇති අතර අනිත් සිසුන් දෙදෙනා මේ වන විට මාතර මහරෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටින බව පොලීසිය පවසයි.
ඊයේ (02) උදෑසන රුහුණ විශ්වවිද්‍යාලයේ සිසුන් පිරිසක් මෙම ස්වාභාවික මුහුදු තටාකයට පැමිණ විනෝද වෙමින් සිට ඇති අතර ඔවුන්ගෙන් 06 දෙනෙකු දෙනෙකු තටාකයෙන් පිහිනමින් සිට තිබෙනවා.
ඊයේ දිනයේ දිවයින වටා මුහුදු ප්‍රදේශය රළු වීම වීමත් සමඟ මුහුදු රළ ස්වභාවික තටාකය තුළට පතිත වීමෙන් මෙම අනතුර සිදුව ඇති බවයි වාර්තා වන්නේ.
අපගේ WhatsApp පුවත් සේවාවට එක්වී මෙවැනි පුවත් ඔබ අතටම ලබාගන්න.